මෙම රජයේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සිය ධුරයෙන් ඉල්ලා අස් නොවන්නේ නම් රජයට විරුද්ධව ගෙන එන විශ්වාසභංග යෝජනාවට සහාය පළකිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව අද (25) තීරණය කර තිබේ.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභා රැස්වීම අද පවතී අතර එම රැස්වීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින් පක්ෂ මහලේකම් දයාසිරි ජයසේකර මේ බව ප්‍රකාශ කළේය.
මෙහිදී අදහස් දැක්වූ එම පක්ෂයේ මහලේකම් දයාසිරි ජයසේකර,
“පක්ෂයේ ඉඳලා ආණ්ඩුවට ගිහින් අලුත් අමාත්යමන්ඩලයේ ඇමතිධුර ගත්ත ශාන්ත බණ්ඩාර සහ සුරේෂ් රාඝවන් පක්ෂයෙන් නෙරපා හැරිය යුතුයි කියලා පක්ෂයේ මධ්‍ය කාරක සභාව අද තීරණයක් ගත්තා. අග්‍රාමාත්‍යතුමා ඉවත් වන්නේ නැතිනම්, ගෙන එන විශ්වාසභංගයට සහාය දීමට තීරණය කළා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තීරණය වුණේ මධ්‍යම කාරක සභාවේ අන්තර්කාලීන ආණ්ඩුවට සියලු පක්ෂ සහාය දිය යුතුයි. එළියේ ඉදලා සහය දෙන එක නෙමේ කළ යුත්තේ කියල.”