■ ලක්සිරි ප්‍රනාන්දු
2019 ජනවාරි 07 දින නිකුත් කර ඇති රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ අංක 18/2015(ෂඪ) මඟින් පළමු ශ්‍රේණියේ විධායක නිලධාරියකුට ලබා දෙන බව පැවසූ විශේෂ දීමනාව අත්හිටුවා තිබේ. 2020 ජනවාරි 02 වනදා රැස් වූ කැබිනට් මණ්ඩලය මෙම තීරණය ගෙන ඇති බව පැවසේ.
මේ සම්බන්ධයෙන් රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා සහ පළාත් පාලන ආයතනය විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ. අංක 18/2015(ෂඪ) දරන චක්‍රලේඛය මඟින් රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශයේ ලේකම් එස්. හෙට්ටිආරච්චි විසින් මෙම දෙවන චක්‍රලේඛය නිකුත් කර තිබේ.
අදාළ චක්‍රලේඛය අනුව පළමු ශ්‍රේණියේ විධායක නිලධාරියකුට රුපියල් 5,000.00ක ද, වසර 6කට වැඩි සේවා කාලයක් සහිත දෙවන හා තුන්වන ශ්‍රේණියේ නිලධාරියකුට රු. 10,000.00ක ද ශුද්ධ පාඩුවක් සිදු වන බව පැවසේ. වසර 6කට අඩු සේවා කාලයක් සහිත විධායක නිලධාරීන් හා සැසඳීමේ දී එය රුපියල් 12,000.00කට වැඩි මූල්‍යමය පාඩුවකි.
මෙම දීමනා කප්පාදු කොට ඇති නිලධාරීන් වන්නේ, පරිපාලන සේවය, අධ්‍යාපන පරිපාලන සේවය, ගණකාධිකාරී සේවය, ක්‍රමසම්පාදන සේවය, විද්‍යාත්මක සේවය, කෘෂිකාර්මික සේවය යන සේවායි.
ශ්‍රී ලංකා පරිපාලන සේවයේ නිලධාරීන් 2,200 දෙනකුට මෙම දීමනා කප්පාදුව බලපානු ඇත. අධ්‍යාපන පරිපාලන සේවයේ සියලු ම නිලධාරීන්ට මෙම තත්ත්වය බලපානු ලබයි. ක්‍රමසම්පාදන සේවයේ 800කට පමණ ද, ගණකාධිකාරී සේවයේ 1,600කට ද, අධ්‍යාපන පරිපාලන සේවයේ 2,697කට ද, ‘අතට ලැබෙන මුදල’ මෙම චක්‍රලේඛය නිසා අහිමි වේ.