වැටුප් වැඩිකරගැනීමේ වෘත්තීය සමිති එකමුතුව, වෘත්තීය සිමිති සම්බන්ධීකරණ මධ්‍යස්ථානය අද දහවල් 12 ට කොළඹ දී මාධ්‍ය සාකච්ඡාවක් පවත්වන ලදි.
මේ අනුව නොවැ. 30 වන දින පස්වරු 3ට කොළඹ දී රැස්වූ වෘත්තීය සමිති සම්බන්ධීකරණ මධ්‍යස්ථානයේ වැටුප් වැඩිකරගැනීමේ වෘත්තිය සමීති එකමුතුවේ නියෝජිතයින් රැස්වී සාකච්ඡා කර ගනු ලැබූ තීරණ අද (01) දින පැවති මාධ්‍ය සාකච්ඡාවේ දී ප්‍රකාශයට පත්කරන ලදි.
සියලු සේවක වැටුප් රු.10 000/- කින් ඉහළ දැමීම, රාජ්‍ය සේවයේ විශ්‍රාම යෑමේ වයස් සීමාව 65 දක්වා දීර්ඝ කිරීමේ යෝජනාව හකුලා ගැනීම, රාජ්‍ය සේවකයින්ගේ භාෂණයේ හා අදහස් පළකිරීමේ අයිතියට වැටබදින ආණ්ඩුවේ චක්‍රලේක හකුළා ගැනීම රාජ්‍ය සේවය රටට බරක් කියූ ආණ්ඩුවේ ප්‍රකාශය ඉල්ලා අස්කර ගැනීම යන කරුණු මුල්කර ගනිමින් දෙසැම්බර් 08 දින අසනීප නිවාඩු වාර්තා කිරීමේ එක්දින වෘත්තීය ක්‍රියාමාර්ගයක් හා උද්ඝෝෂණයක් පැවැත්වීමට තීරණය කරගත් බව දැනුම් දෙන ලදි.
අයවැයට පෙරත්, අයවැයට පසුවත් ගනුලැබූ ක්‍රියාමාර්ගවල, දෙසැම්බර් 08 දීප ව්‍යාප්ත වෘත්තීය ක්‍රියාමාර්ගය එහි තවත් ඉදිරි පියවරක් බව රැස්වූ වෘත්තීය සමිති නායකයින් ප්‍රකාශ කරන ලදි.