“මෙරට ගෑස් සමාගම් වළ ගෑස් සංයුතිය පරීක්ෂණ වාර්තාව අද හවස දෙනවා”

13

මෙරට ගෑස් සමාගම් දෙකම පසුගියදා මාධ්‍යට පැවසුවේ මෙරට ගෑස් සිලින්ඩරවල ඇති ගෑස් සංයුතිය සහ ගුණාත්මක භාවය ප්‍රමිතියට අනුව පවතින බවය. එහෙත් ඒ ගැන සමුපකාර සේවා, අලෙවි සංවර්ධන හා පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න අද (27) පාර්ලිමේන්තුවේදී විශේෂ අනාවරණයක් සිදුවිය.
රාජ්‍ය අමාත්‍ය වරයා පැවසුවේ, මෙරට ගෑස් සමාගම් වළ ගෑස් සංයුතිය සම්බන්ධයෙන් සිදු කළ පරීක්ෂණ වාර්තා අද පස්වරුවේ ලැබීමට නියමිත බවයි.
පාරිභෝගික කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මෙහිදී සඳහන් කළේ,
” ලිට්‍රො සමාගම මීට මාස කිහිපයකට පෙර ලීටර් 18 ගෑස් සිලින්ඩර වෙළෙඳපොළට නිකුත් කළා. එම සමාගම ඒ වෙලාවේ කිව්වා 12.5kg සිලින්ඩරයේ ගෑස් සංයුතිය තිබෙන්නේ ප්‍රොපේන් 30%ක් සහ බියුටේන් 70%ක් විදිහට කියලා.”
“ඒ අනුව එම සංයුතියේ ධාරිකාවයට වඩා වැඩියෙන් ලීටර් 18ක් බවට පත්කරලා ප්‍රොපේන් 50%ක් සහ බියුටේන් 50%ක් ලෙස සංයුතිය සකස් කිරීමෙන් තාප ධාරිතාව වැඩිකර ගන්න පුළුවන් කියලා කිව්වා. අපි ඒක අහලා නිකන් හිටියේ නෑ. මොරටුව විශ්වවිද්‍යාලයට කතා කරලා මේ පිළිබඳව ගණනයක් කළා. ඛනිජ තෙල් නීතිගත සංස්ථාවෙත් ගණනයක් කළා.”
“එහෙම කරලා කිව්වා රසායනාගාර විදිහට අපිට කියන්න පුළුවන් කමක් නෑ, 12.5kg ලීටර් 18 බවට පත්කිරීම තුළින් තාප ධාරිතාවය වැඩිවීමක් වෙන්නේ නෑ. මේකෙ සත්‍ය වශයෙන්ම තියෙන්නේ කිලෝග්‍රෑම් 9.5ක ප්‍රමාණයක් පමණයි කියලා කිව්වා.”
“මේ වනවිට සමාගම් දෙකේම සාම්පල් අපි ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට යොමු කරලා තියෙනවා. අද සවස 5ට ඒ ගෑස් සිලින්ඩරවල ගෑස් සංයුතිය පිළිබඳ වාර්තා අපිට ලැබෙයි.”
 

Previous article“අය වැය ඡන්ද විමසීමට නොපැමිණි විදුර – විජයදාස ගැන පියවරක් ගන්න”
Next articleනවකතා බලාධිකාරයට අභියෝග කළ හැකි ලේඛිකාවකගේ ආගමනය “සංසක්කාරි”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here