“අය වැය ඡන්ද විමසීමට නොපැමිණි විදුර – විජයදාස ගැන පියවරක් ගන්න”

12

අය වැය දෙවනවර කියවීමේ ඡන්ද විමසීම පසුගිය 22 දා සිදු වූ අතර ඊට සහභාගී නොවු විදුර වික්‍රමනායක රජ්‍ය අමාත්‍යවරයා හා විජයදාස රාජපක්ෂ මන්ත්‍රීවරයා සම්බන්ධයෙන් පියවරක් ගන්නැයි පොදු ජන එක්සත් පෙරමුණ අගමැති මහින්ද රාජපක්ෂගෙන් ඉල්ලා තිබේ.
කෙසේ නමුත් මෙම ඡන්ද විමසීමේදී රජයට පක්ෂව ඡන් 153ක් ලැබී තිබුණි.
ගාමිණී ලොකුගේ ඇතුළු මන්ත්‍රීවරුන් තිදෙනකු අසනීප තත්ත්වය නිසා ඡන්ද විමසීමට නොපැමිණ බව දැනුම් දී තිබුන අතර විදුර වික්‍රමනායක හා විජයදාස රාජපක්ෂ ඡන්දයට එන බව කලින් දැනුම්දී තිබුණත් නියමිත අවස්ථාවේ ඡන්දය පාවිච්චි කිරිමට පැමිණ නොසිටි බව පක්ෂ ජ්‍යෙෂ්ඨයෙක් ප්‍රකාශ කළේය.
පොදු ජන එක්සත් පෙරමුණේ මන්ත්‍රීවරු යම් විනයක් ඇතිව පක්ෂයේ වැඩ කටයුතුවලට සහභාගී විය යුතු බවට තීරණය කර ඇති නිසා මෙම දෙදෙනා සම්බන්ධයෙන් පියවරක් ගන්නා ලෙස ඉල්ලා ඇතැයි ද වාර්තා වේ.

Previous articleගෝලීය ආහාර සේවාවේ ප්‍රමුඛයා Sysco හි නවෝත්පාදන වර්ධනය තව දුරටත්
Next article“මෙරට ගෑස් සමාගම් වළ ගෑස් සංයුතිය පරීක්ෂණ වාර්තාව අද හවස දෙනවා”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here