ලුණුගම්වෙහෙර ප්‍රාදේශීය සභා බලප්‍රදේශයේ රජයට අයත් ඉඩම් සඳහා විවිධ ව්‍යාපෘති වාර්තා ඉදිරිපත් කරමින්, ප්‍රාදේශීය දේශපාලකයන් විසින් අත්පත් කර ගනු ලබමින් සිටින බව වාර්තා වේ. ජ.වි.පෙ. තිස්සමහාරාම ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයා සහ පොදුජන පෙරමුණේ එක් මන්ත්‍රීවරයකු හැර පක්ෂ, විපක්ෂ සියලු මන්ත්‍රීවරුන් විසින් මෙම ඉඩම් අත්පත් කර ගැනීම සිදු කරනු ලබන බවට චෝදනා එල්ල වී තිබේ.
1981 වර්ෂයේ ලුණුගම්වෙහෙර ව්‍යාපාරය ආරම්භයේ දී රාජ්‍ය බැංකු සඳහා වෙන් කර තිබූ බිම් කොටස් තුනෙන් දෙකක් පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරයෙක් සහ සමගි ජන බලවේගයේ සංවිධායකවරයෙක් එකතුව අල්ලාගෙන ඇතැයි පවසමින්, ප්‍රදේශවාසීන් විසින් ලුණුගම්වෙහෙර පොලිසියට පැමිණිල්ලක් ද ඉදිරිපත් කර තිබේ.
මෙම ආණ්ඩුව බලයට ගෙන ඒමට මැදිහත් වූවකු වසරකට අධික කාලයක් ලුණුගම්වෙහෙර ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඉදිරිපිට සත්‍යග්‍රහයක යෙදී සිටින්නේ තමන් භුක්ති විඳි ඉඩම ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු අත්පත් කර ගැනීමට විරුද්ධව ය●