“ත්‍රෛනිකායික මහානාහිමිවරුන්ගේ ඉල්ලීමට අනුව ජනපති අන්තර්වාර පාලනයකට සූදානම්”

46

රටේ පවතින තත්වය සලකා බලා අන්තර්කාලීන ආණ්ඩුවක් පිහිටුවීමට සහ ආර්ථික අර්බුදය විසඳීම සඳහා කඩිනම් පියවර ගැනීමට එකඟ වන බව ජනපතිවරයා ත්‍රෛනිකායික මහානාහිමිවරුන්ට ලිපියක් එවමින් දැනුම්දී ඇතැයි අස්ගිරි මහා නිකායේ ලේඛකාධිකාරී පූජ්‍ය මැදගම ධම්මානන්ද හිමියෝ පැවසූහ.
මේ අතර අර්බුදවලට විසදුම් දී මහජනතාවගේ සුබ සිද්ධිය වෙනුවෙන් කටයුතු කිරීමට උත්සුක වන බවටද ජනාධිපතිවරයා සහතික වී ඇති බව මහනුවර අද (25) පැවති මාධ්‍ය හමුවකදී කරුණු ලේඛකාධිකාරි හිමියන් සඳහන් කළේය.
පසුගිය 4 වනදා ත්‍රෛනිකායික මහා නාහිමිවරුන් විසින් රටේ පවතින තත්ත්වය සම්බධයෙන් සහ ඒ සඳහා වු යෝජනාවලියක් ඇතුළත් ලිපියක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත යොමුකළේය.
එසේම නව ව්‍යවස්ථාවක් පාර්ලිමේන්තුවේ අනුමැතිය ඇතිව රටට ඉදිරිපත් කිරීමටද ජනාධිපතිවරයා කැමැත්ත පළ කර ඇතැයි උන්වහන්සේ සඳහන් කළහ.
ඒ පිලිබඳ සලකා බලමින් ඊයේ (24) දිනයේ මල්වතු සහ අස්ගිරි මහා නාහිමිවරුන් වෙත ජනාධිපතිවරයා ලිපියක් පිළිගැන්වු බව ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි බුද්ධ ශාසන අමාත්‍යංශ ලේකම් මහාචාර්යය කපිල ගුණවර්ධන සඳහන් කළේය.
 
 
 

Previous articleගෝඨාගෝගම නිසා නව කැබිනට් රැස්වීම අද ජනාධිපති මැදුරට
Next articleතොණ්ඩමන්ගේ CWC ය රජයට එරෙහි වීමට තීරණය කරයි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here