නැවත දැනුම්දෙන තුරු රඹුක්කන පොලිස් ඇඳිරිනීතිය

19

ඉන්ධන මිල ඉහළ නැංවීමට විරෝධය පල කරමින් අද (19) මහනුවර කොළඹ දුම්රිය මාර්ගය රඹුක්කන ප්‍රදේශයෙන් අවහිර කරමින් විරෝධතාවක නිරත වූ පිරිසක් විසිරුවා හැරීමට රඹුක්කන පොලිසිය විසින් කදුළු ගෑස් සහ ජීව උන්ඩ යොදා වෙඩි ප්‍රහාරයක් එල්ලකර තිබේ.
ඉන් එක් අයෙක් ජීවිතක්ෂයට පත්ව ඇති බවත් 12 දෙනෙකු තුවාල ලබා ඇති බවත් කෑගල්ල රෝහල් ආරංචිමාර්ග සදහන් කරයි.
කෑගල්ල රෝහලට ඇතුළත් කර ඇති තුවාලකරුවන් 12 දෙනාගෙන් සිව් දෙනෙකුගේ තත්වය තරමක් බරපතල බව වාර්තා වේ.
මේ අතර ප්‍රදේශයේ තත්වය නොසන්සුන් වීම නිසා රඹුක්කන පොලිස් බලප්‍රදේශය සඳහා පොලිස් ඇඳිරිනීතිය පනවා තිබේ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව සඳහන් කළේ රඹුක්කන ප්‍රදේශයේ පවතින තත්ත්වය සලකාබලා පොලිස්පතිවරයා විසින් වහාම ක්‍රියාත්මක වනපරිදි එම තීරණය ගත් බව ප්‍රකාශ කළේය.
මේ අතර එම ප්‍රදේශයට පොලිස් ඇඳිරිනීතිය නැවත දැනුම්දෙන තුරු ක්‍රියාත්මකය.
ඇඳිරිනීතිය කඩකිරීම මහජන සාමය පවත්වාගෙන යෑමට සිදුකරන බාධාවක් සේ සලකා කටයුතු කරන බවද පොලීසිය විසින් රඹුක්කන ප්‍රදේශයේ ජනතාවට දැනුම්දී තිබේ,
රඹුක්කන හරහා ගමන් කරන ජනතාව ඒ සඳහා විකල්ප මාර්ග තෝරාගත යුතු බවද පොලීසිය දැනුම්දෙයි.

Previous articleජනාධිපති කළ සියලු වැරදි වලට සමාව ගනියි, නැවත සමාවගන්නා දිනය වැඩි ඈතක නොවේ
Next article“ගෝඨාභය ඔයාට මේ රට පාලනය කරන්න බෑ, ඔයා සමාව ගත්තට කරපු ගොන් කම් වළට සමාවක් නෑ”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here