අපේ සල්ලි කොල්ල කෑ හොරු රැල #පන්නමු! තේමාවෙන් ජාතික ජන බලවේගය පවත්වනු ලබන දින 03ක පාගමනේ දෙවන දිනය අද (18) උදේ 09ට වාද්දූවෙන් ආරම්භ වූ අතර ඊයේ මෙන්ම අද දිනයේත් දහස් සංඛ්‍යාවක් ජනතාව මෙම පා ගමනට එක්ව සිටියේය.
විරෝධතා පාගමන එන මග දෙපස එක්රොක් වී සිටින ජතනාව රතිඤ්ඤා දල්වමින්, සිසිල් පැන් සංග්‍රහ සිදු කරමින්, කෙටි ආහාර වර්ග ලබා දෙමින් පාගමනට සහයෝගය දක්වන අයුරුද දක්නට ලැබිණි. එමෙන්ම ජනතාව මගදෙපස එක්වී සිට පාගමනට එක්වන අයුරුද දක්නට ලැබුණු අතර ආණ්ඩු විරෝධී විවිධ පුවර ප්‍රදර්ශණය කරමින් මග දෙපස ජනතවා මෙම විරෝධතා පාගමනට සහාය දක්වනු ලැබීම විශේෂත්වයකි.
මෙම විරෝධතා පාගමන අද මොරටුවෙන් අවසන් කරන අතර හෙට (19) මොරටුවේ සිට කොළඹ නගර සභා පිටිය දක්වාද පැමිණීමට නියමිතය. කොළඹ නගර සභා පිටියේදී දැවැන්ත විරෝධතා රැලියක්ද සූධානම් කර ඇත.
මෙම අවස්ථාවට ජාතික ජන බලවේගයේ නායකයින්, කලාකරුවන්, වෛද්‍යවරුන්, නීතීඥයින්, විශ්වවිද්‍යාල ආචාර්ය මහාචාර්යවරු ඇතුළු විවධ ක්ෂේත්‍ර නියෝජනය කරන වෘත්තිකයෝ විශාල පිරිසක් එක්වී සිටියේය.
ඡායාරුප – රවීන්ද්‍ර පුෂ්පකුමාර