කොළඹ ගාලු මුවදොර පිටියේ පැවැත්වෙන විරෝධතාවය 8වන දිනටත් අඛණ්ඩව පැවැත්වෙන අතර ඊයේ(15) දිනයේ මේ සඳහා ආදිවාසින් පිරිසක් ද පැමිණ තිබීම විශේෂත්වයකි.
පසුගිය 09 වෙනිදා ආරම්භ වූ මෙම විරෝධතාවයට මේ වන විට දිවයින පුරා සිටින තරුණ තරුණියින්ගේ ඇතුළු විවිධ තරාතිරම් වළ පිරිස් සහබාගී වෙමින් තිබේ. ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට සහ ගාලු මුවදොර පරිශ්රයේ විරෝධතාකරුවන් දිවා රාත්රී සිය විරෝධතාවයේ නිරත වී සිටින අතර ඊයේ පැමිණි මෙම ආදිවාසින් පිරිස මේ සඳහාම සිය ගම්බිම් වළ සිට පැමිණ ඇති බව ඔවුන් පවසයි.
මුලින් මෙම විරෝධතාව තරුණ පිරිසට පමණක් සිමා වී තිබුනද මේ වන විට බාල මහළු මෙන්ම විවිධ තරාතිරම වල ජනතාව ඊට එක්වී සිටිති. එසේම විවිධ ආගමික නායකයින් සහයෝගයෙන් මේ සඳහා සහබාගී වීමද කාගේත් සිත්ගන්නා දසුනකි.