“රාජපක්ෂ පවුලට සහයෝගය දැක්වීම මගේ ජීවිතයේ මැකිය නොහැකි කලු ලපයක්” “අරගලයට ජයවේවා”

82

සංගීතවේදී ආචාර්ය රෝහණ වීරසිංහ රාජපක්ෂ පාලනය පන්නන මහජන විරෝධතාවලට සහය පළ කරමින් සිය මුහුණුපොතේ සටහනක් තබා තිබේ.. ඔහු පවසන්නේ රාජපක්ෂ පවුලට සහයෝගය දැක්වීම සම්බන්ධයෙන් කනගාටුව පළකරයි. මහාචාර්ය සුනිල් ආරියරත්න, නන්දා මාලනී, ස්වර්ණා මල්ලවාරච්චි ඇතුළු පිරිසක් රාජපක්ෂවරු පන්නන ගෝටාගමගෝගම සටන් බිමට පැමිණීමත් සමඟ සිය ෆේස් බුක් පිටුවෙහි සංගීතවේදී ආචාර්ය රෝහණ වීරසිංහ මෙම සටහන තබා තිබේ. ඔහු කියන්නේ රාජපක්ෂ පවුලට සහයෝගය දැක්වීම සම්බන්ධයෙන් කනගාටුව ප්‍රකාශ කරන බවයි. එය තම ජීවිතයේ කළු පැල්ලමක් ලෙසයි ඔහු දක්වන්නේ.
“අපේ ආදරණීය නන්දා අක්කාත් සුනිල් අයියාත් අද ගෝටාගෝ ගම අරගල භූමියට යාමත් සමග මගේ නිහඩ බව ගැන බොහෝ දෙනෙක් දැන් විමසනවා. ඇත්තෙන්ම මුලු හදවතින්ම මා මේ අරගලයට සුබ පතනවා ආශීර්වාද කරනවා.
බොහෝ දෙනා මාවෙත ඇගිල්ල දිගුකරන අයුරු කලක් රාජපක්ෂවරුන්ට කඩේ යාම පිළිබඳව අද මට ඇත්තේ විශාල පශ්චාත්තාපයක්. මගේ ජීවිතයේ මැකිය නොහැකි කලු ලපයක් ඇතිවූ බව මම හිතට එකගව පිළිගන්නවා. කවුරු අතිනුත් එවැනි වැරදීම් සිදුවීම ස්වභාවික දෙයක්.
2019 දී මා ද 69 ලක්ෂයේ එක් අයෙකු වූවා පමණි. ඒ වනවිට ශ්‍රී ලංකාවේ මුලු දේශපාලන ක්ෂේත්‍රය පිළිබඳව ම අසීමිත කළකීරීමට පත්ව සිටිමුත් 69 ලක්ෂයේ අන් හැමදෙනා මෙන්ම මමත් ඒ සිහින බලාපොරොත්තු වලට යටවුන බව සත්‍යයක් .
ඒත් අද මේ යතාර්ථය සක්සුදක් සේ පැහැදිලියි. හොරකම – දූෂණය – වංචාව පවුල්වාදය – අවනීතිය – අකාර්‍යක්ෂමතාව -නිර්ලජ්ජිත බව මේ පාලනය තුළ පැහැදිලිවම ඔප්පුවී තිබියදීත් ජනතාවට කන් නොදීම නින්දා සහගතයි.
නිහඬව සිටියත් ජනතා අර්ගලයේ නාඩිය මටත් දැනෙනවා. අරගලයට ජයවේවා”

Previous articleසැබෑ අරගල කරුවනි ජීවිතය ඔබට දෙන්නට දහසක් දේ ඇත
Next article“නුබ සිසාරා ඇසෙන එකම එක වදනකි – එය නෑසෙනා බිහිරි නිරිඳෙකී”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here