විමල් කැටිපෙආරච්චි මුහුනුපොත හරහා මෙම ආරාධනය කර තිබුණි
මේ අකුරු විසි කරන්නේ – ගිටාරය හෝ නළාවක් හරි වය වයා හෝ ගයන්නයි..
එහෙම නැත්නම් අමුවෙන්ම හරි මහ හඬින් කෑ ගහන්නයි.. කොපි රයිට්ස් නැහැ – මේ වදන් – අරගලේ මුවහත් කරන්නයි |
මචං මේක උඹේ සටන මගේ සටන අපේ සටන
රට දිනවන උඹ දිනවන මම දිනවන අපේ සටන
ජාති භේද පක්ෂ භේද එහෙම මගුල් නෑනෙ මෙතන
අපේ ලොවක් හදාගන්න පණ දෙන්නට ආව සටන
සර් ඔයා ගෙදර යන්න ගෙදර යන්න කියන සටන
ඔයාගෙ ගැන්සියත් අරං මාරුවෙන්න කියන සටන
යන්න කලින් අපේ සල්ලි දීල යන්න කියන සටන
ඒ විතරක් නෙමෙයි අලුත් සිස්ටම් එක හදන සටන
තව දුරටත් රැවටෙන්නේ නැහැ අපි බොරුවලට ගොතන
තොපි යනකං අපි ඉන්නව මතක තියාගනිව් මෙතන
අවුරුදු සීයක කුණුගොඩ සුද්ද කරල දාන සටන
දිනල මිසක් නවතින්නැහැ අපි බොක්කෙන් කරන සටන
නොකා නොබී කාෂ්ඨකේ පිච්චි පිච්චි කරන සටන
කඩාවැටෙන මහවැස්සට නතර කරනු නොහැකි සටන
කුඩාරමේ මහපාරේ පැල් බැඳගෙන කරන සටන
අපා දුකෙන් මිදෙනු පිණිස එකා වගේ කරන සටන
කකුළුවන්ට බය හිතවන දිය සැලි රත් කරන සටන
යකුන්ව හොල්මන් කරගෙන සොහොනෙ ගෙවල් හදන සටන
ඉකුත්ව ගිය දීන කමේ ඉතිහාසය මකන සටන
මුකුත් නෙමෙයි මේක තමයි මනුස්සකම ගේන සටන !
– විමල් කැටිපෙආරච්චි