ඉගිළෙන්න මොර දෙන්න
කොහාටත් බැරිලු තෙල් නැත්නම්…
ලැජ්ජ නැති අවුරුද්ද
එනවා මේ පාර රෙදි උස්සන්…
බක්මහේ මළගෙදර
කුසපොත්ත පිටපොත්තේ අලවන්…
අපිත් වැඩ අල්ලනවා
තොපේ ඔළුවට තියලා පතුරන්…//
දහවලත් කළුවරේ
කළුවරෙත් පෝලිමේ අපි නම්…
කොයි දේත් කර ගත්තේ
උඹලා මවු දෙමවුපියෝ මතුරන්…
ගන්න හැම හුස්මක්ම
තොපිට වස් කවි වෙලා වැදියන්…
අපේ ලේ මස්වලින්
ආපු හැම බත් පිඩම වහ වෙයන්…//?
රැක්ක සිල්පද හුඟක්
කැඩුව ළඟකදි ඉඳලා අමුවෙන්…
තිබුණ අවුරුදු හුඟක්
සැමරුවේ නැහැ මෙහෙම හෙලුවෙන්…
මුතුඇටේ ඇස් බැඳලා
කණාමුට්ටිය බිඳපු බල්ලන්…
ලබ්බෙ ඇට ගණිනවලු
අපේ ජීවිත උන්ට සෙල්ලම්…//