“බංකරයක් ඇතුලේ ඉන්න ගෝටාභය රාජපක්ෂ එළියට බහින්න ඕනෑ”

19

නම්බු පිටින් බැහැල යන්න. ගෝටාභය ඇතුළු රාජපක්ෂ නඩයට කරන්න බැරි බව ඔප්පු කරලා ඉවරයි..යනුවෙන් අයිතීන් උදෙසා සංවිධානයේ සභාපති සරෝජා සාවිත්‍රී පෝල්රාජ් අද (10) පැවති මාධ්‍ය හමුවකදී පැවසිය.
“පිස්සු පාලනය පරද්දන්න ඕනෑ”
“පහුගිය අවුරුදු දෙක පුරාවටම වසංගත තත්වය නිසා ගෙදරට හිරවෙලා හිටපු ජනතාව මේ ළඟ එන සිංහල හිංදු අලුත් අවුරුද්දත් මුස්ලිම් ජනතාව රාමසාන් උපවාස කාලයත් සතුටින් ගත කරන්න බලාපොරොත්තුවෙන් හිටියා. නමුත් ශ්‍රී ලාංකීය සැමට මේ කාලය ඉතාම දුර්බාග්‍ය කාලයක් බවට පත්වෙලා. ගෑස් පෝලිමේ, ඉන්ධන පෝලිමේ, කිරිපිටි පෝලිමේ ඉන්න වෙලා. අත්‍යාවශ්‍ය බඩු ටික ගන්න පෝලිමේ ඉන්න වෙලා. රටේ ජනතාව දිනෙන් දින අපේක්ෂාභංගත්වයට පත්වෙලා. ඒ නිසා මේ රටේ දූෂිත ඒකාධිපති පිස්සු පාලනය පරද්දන්න ඉතිහාසයේ ප්‍රථමවරට රටේ සියලුම ජනතාව පාරට බැහැලා.”
“ජීවිත මොනතරම් අනාරක්ෂිතද”
ආණ්ඩුවේ සතොසෙන් මේ වෙනකොට සීනි ග්‍රෑම් 500යි, පරිප්පු ග්‍රෑම් 500යි, තිරිඟු පිටි කිලෝ එකයි, සම්බා හාල් කිලෝ තුනයි නිකුත් කරන්නේ. අවුරුදු සමයේ, රාමසාන් උත්සව කාලේ මේ බඩු ප්‍රමාණයෙන් මිනිස්සුන්ට බඩ පිරෙන්න කාලා ඉන්න පුළුවන්ද? දරුවන්ට බඩ පිරෙන්න කෑම වේලක් දෙන්නේ කොහොමද? කුකුල් මස් කිලෝවක් 1200ක් පමණ වෙනවා. බිත්තරයක මිල 35ක් 40ක් මට්ටම ඇවිල්ලා. දරුවෙකුට පෝෂණීය ආහාර වේලවක් දෙන්නේ කොහොමද? සියලු ආහාර ද්‍රව්‍යවල මිල ඉහළ ගිහින්. බරපතලම තත්වය තමයි අත්‍යාවශ්‍ය ඖෂධ හිගය නිසා රෝහල් වැසී යන තත්වයට පත්වෙලා. පේරාදෙණිය රෝහල, කරාපිටිය රෝහල වැනි ශික්ෂණ රෝහල්වල සැත්කම් නවත්වලා කියලා වාර්තා වෙනවා. ඇතැම් ප්‍රාදේශීය රෝහල් අර්බුදයට ගිහිල්ලා. හදිසි සැත්කම් හැර දින නියම කරලා කරන සැත්කම් නවතා දමලා. හෘදයාබාධ තත්වයන්ට, ජලභීතාකාවට, දියවැඩියාවට, සර්ප විෂට භාවිතා කරන ඖෂධ රෝහල්වල නැහැ. මිනිසුන්ගේ ජීවිත මොනතරම් අනාරක්ෂිතද කියලා තේරුම් ගන්න පුළුවන්. ඒ වගේම ඖෂධවල මිල ඉතා විශාල ලෙස ඉහළ ගොසින් තිබෙනවා. එක් උදාහරණයක් තිබෙනවා රුපියල් 15000ක් වෙච්ච ඖෂධ වට්ටෝරුවක මිල රුපියල් 40000ක් දක්වා වැඩි වෙලා.”
“බංකරයක් ඇතුලේ ඉන්න ගෝටාභය රාජපක්ෂ එළියට බහින්න ඕනෑ”
“ඒ වගේම ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලයේ උප සභාපතිවරයා කියනවා මේ තත්වය ජූනි මාසය වනවිට උග්‍ර අතට හැරෙනවා කියලා. ඒ වගේම දැඩි ආහාර හිගයක් ඇතිවෙමින් යනවා. ඒ නිසා අපි ආණ්ඩුවට කියනවා මේ නොසලකා හරින්න එපා කියලා. මේ පක්ෂයක් නෙවෙයි පාරට බැහැලා තිබෙන්නේ. තමන්ගේ දරුවන් අතින් ගත් අම්මලා ආබාධිත පුද්ගලයින් ඇතුළු සියලු දෙනා අද පාරට බැහැලා. නෑසුකන්ව ඉඳලා කල් මරන්න හදන්න එපා. රටට ව්‍යසනකාරී තත්වයක් ඇති නොකර ගෙදර යන්න කියලා ජනාධිපති ඇතුලු ආණ්ඩුවට කියනවා. මේ සුක්කානම තවදුරටත් මේ ජනාධිපතිවරයා කරකවනවට ජනතාව කැමති නෑ. මේ හොර නඩයට මේ සුක්කානම කරකවන්න ඉඩ දෙන්න ජනතාව තවදුරටත් කැමති නැහැ. මුලින්ම පටන් ගත්තේ පොහොර හිගය නිසා ගොවි ජනතාව. ඉන්පසුව ගෑස්, ඉන්ධන, ආහාර හිගය නිසා පාරට ආපු ජනතාව දැන් තේරුම් අරන් ඉන්නවා මේ ආණ්ඩුවට කිසිවකට උත්තර දෙන්න බැහැ කියලා.
ඒ නිසා ගෝටාභය රාජපක්ෂ ඇතුළු මේ ආණ්ඩුව ගෙදර යන්න ඕනෑ කියලා එක හෙලා ජනතාව කියනවා. පැලැස්තර විසඳුම් නැහැ. ඒ නිසා ගෝටාභය රාජපක්ෂ කඩිනමින් තීරණය කළ යුතුයි එළියට බැහැපු මිනිස්සු ගෙවල්වලට යවන්න නම් බංකරයක් ඇතුලේ ඉන්න ගෝටාභය රාජපක්ෂ එළියට බහින්න ඕනෑ. ඔහු ඇතුළු ආණ්ඩුව එළියට බැස්සොත් තමයි ජනතාව ගෙවල් ඇතුලට යන්නේ. මේ නිසා ඇතිවෙන අර්බුදය යම් හෝ ඩොලර් ප්‍රමාණයක් උපයන තේ කර්මාන්තය, ඇඟලුම් ක්ෂේත්‍රය කඩා වැටෙමින් තිබෙනවා. කොයි විදියට ණය ගත්තත් ඒ ණය පීඩනය තව තවත් ජනතාව මත පැටවෙනවා. ණය අරගෙනම මේ අවුරුදු කිහිපය ගෙවාගන්න පුළුවන් කියලා ගෝටාභය හිතනවානම් ඒක කරන්න පුළුවන් වැඩක් නෙවෙයි. ”
“මාකොස්ලට ගඩාෆිලට අත් වූ ඉරණම රාජපක්ෂ පවුලට අත්වෙනවට අපි කැමති නෑ”
“ඒ නිසා මේ අර්බුදයට විසඳුම් ඕනෑ. විසඳුම් හොයන්න නම් අලුත් දේශපාලන ප්‍රවාහයක් ඕනෑ. ඒ තාවකාලික විසඳුම කියන්නෙත් මේ ගෝටාභය රාජපක්ෂ ඇතුළු චෞර වළල්ල ඉන්න එකක් නෙවෙයි. එනිසා ඔවුන් සමඟ කෙරෙන සාකච්ඡාවකට ජනතාව තවදුරටත් කැමති නැහැ. ඒ නිසා අපි සියලු දෙනා ඉල්ලා හිටින්නේ ගෝටාභය ගෙදර යා යුතුයි. ඉන් අනතුරුව තමයි වෙනත් වූ යාන්ත්‍රණයක් ගැන සාකච්ඡා කරන්න වෙන්නේ. ජනතාවට කඩිනම් සහනයක් ඕනෑ. රාජපක්ෂලා විසඳුම් දෙන්නෙත් නැහැ විසඳුම් හදන යාන්ත්‍රණයකට ඔවුන් ඉඩ දෙන්නෙත් නෑ. දෙකම අහුරමින් මර්දනය දියත් කරමින් වියරුවෙන් පාලනය ගෙන යනවා. ඒ නිසා 52%ක් වූ කාන්තාවන් වෙනුවෙන් අපි කියනවා මේ ආණ්ඩුව ගෙදර යා යුතුයි කියලා. මේ කළහකාරි වාතාවරණය නිසා ළමයින්ගේ අධ්‍යාපන කටයුතු විභාග ඇතුළු සියලු දේ කඩාවැටිලා. මහජනතාවගේ ජීවිත අවධානමක තිබෙන්නේ. මුලින් කිව්වා කරන්න බැරි නම් යන්න කියලා. දැන් සක්සුදක් සේ පැහැදිලි කරන්න බැහැ කියලා. ඒ නිසා බැහැල යන්න කියලා තමයි කියන්නේ. ජනමතයට පයින් ගහලා ඉන්න බැහැ. මාකොස්ලට ගඩාෆිලට අත් වූ ඉරණම රාජපක්ෂ පවුලට අත්වෙනවට අපි කැමති නෑ. ඒ නිසා නම්බු පිටින් බැහැල යන්න කියලා අපි කියනවා. “

Previous article“ඉක්මනින් නැගිටපන් හොර නන්දේ – පව් නොදී බැහැලා පලයන් නන්දේ” – බදුල්ලට ගැලූ ජනබලය
Next articleවිනී හෙට්ටිගොඩ ‘කාටුන්’ 2022 -04-10

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here