කතිරය නිසා පාළු වූ ගෙය

48
ඇයි ද මේ තරම් කළුවර, නොමැති දා විදුලිය ඉතින් අපි කළුවරටම හුරු වුණෙමු. දවසට පැයෙන් පැය වැඩි කරමින් කැපෙන විදුලිය හේතුවෙන් උස්, මිටිකම්, පන්ති භේද නොමැතිව ජනයා දිගින් දිගටම කුප්පි ලාම්පුව දක්වා යයිද? අහෝ ඉතින් කෝ ලාම්පුතෙල් ! ලීටරයක් දැන් කීයක් වෙනව ද? ඉතින්, කොහොමද පීඩිතයා කුප්පි ලාම්පුවකින්වත් එළියක් ගන්නෙ.

මිනිසුන්ගේ සුපුරුදු ජීවන රටාවට තිත තබමින් ගෙවෙනා මේ අසීරු, දුක්බර, අඳුරු සමය කවදා නම් එළිය වේ ද යන පැනය පිළිතුරක් නැති පැනයක් වෙයි ද මම නොදනිමි. දර ළිප් සංස්කෘතියට තිත තබමින් මිනිසුන් එදා තම කාලය ඉතිරි කර ගැනීම උදෙසාත්, ඉවුම් පිහුම් වැඩ ඉක්මනින් ක්‍රමවත්ව සකසා ගැනීම උදෙසාත් ගෑස් ළිපට හුරු වුණ අතර, දැන් ඔවුන්ට ද සිදු වී ඇත්තේ නැවතත් තම සුපුරුදු ජීවිතයට තිත තබා දර ළිපට හුරු වීමටය. ඩීසල්, පෙට්‍රල් නොමැතිව වාහන පෝලිම් ගණන් මහමඟ ය. දිනෙන් දින ඉහළ යන ඩොලරය නිසා පහත වැටෙන රුපියලේ අගයත් සමඟ ඉතාමත් අමාරුවෙන් උපයා ගන්නා වැටුපෙන් කෙසේ නම් තම වාහන සඳහා ඉන්ධන සපයා ගන්නේ ද?
බඩු මිල නම් අහස උසටගොස් ය. කියා නිම කරන්නට බැරි තරම් කටුක අත්දැකීම්වලට මුහුණ දෙන ජනතාව මේ ජනාධිපතිවරයාටත්, ආණ්ඩුවටත් කතිරය ගසද්දී නම් කිසිදාක නොසිතන්නට ඇති සතුට පිරුණු තම නිවස පාළු ගෙයක් වෙයි කියා.
කියවා අවබෝධයට ගන්න යථාර්ථය නම් මෙයයි.
 

Previous articleජාතික ජන බලවේගයේ ගම්පහ මිරිස්වත්තේ විරෝධය ජන ගඟක්
Next article“රජෙක් වුනත් බලුකම් කලොත් ඒවා පලදෙන දවසක් මහත්තයෝ. මේ ඒ රජා බලුවෙන දවස”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here