“මේ හදිසිනීතිය පැනවුවේ ජනතාවගෙන් රජයේ ආරක්ෂාව කරගැනීමේ අරමුණින්” එය ඉවත් කරයි

85

දැනට පනවා ඇති “මහජන හදිසි අවස්ථා තත්ත්වය ” ඉවත් කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කල අතර ඒ අනුව මහජන හදිසි අවස්ථා තත්ත්වය ඊයේ (05) මධ්‍යම රාත්‍රියේ සිට ඉවත් කළේය.
පසුගිය 01 වනදා ශ්‍රී ලංකාව තුළ “මහජන හදිසි අවස්ථා තත්ත්වයක්” ප්‍රකාශයට පත්කරමින් ජනපති ගෝඨාභය රාජපක්ෂ විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිතුක් කළේය.
01 වනදා හදිසි නීතිය පැණවීමෙන් අනතුරුව, එය දින 14 ක් ඇතුලත පාර්ලිමේන්තුවට ඉදිරිපත්කර අනුමැතිය ලබා ගතයුතු වුනත් ඒ වෙනුවට අහෝසි කිරීමේ ගැසට් නිවේදනයක් නිකුත් කිරීමෙන් පාර්ලිමේන්තුව තුළ තමන්ගේ බලය බිදී ඇති බව පිළිගෙන ඇති බව වක්‍රාකාරයෙන් පිළිගෙන ඇත.
ජනාධිපතිවරයාට පැවරී ඇති බල තල අනුව හදිසිනීතිය පැනවිය හැක්කේ මහජන ආරක්ෂාව සහ මහජන සාමය ආරක්ෂා කිරීම සඳහා හෝ ජන ජීවිතයට අත්‍යවශ්‍ය සැපයුම් හා සේවා පවත්වා ගැනීම සඳහායන කාරනා දෙකට අනුවය.
එහෙත් මෙවර හදිසි නීතිය මෙම කාරනා දෙකටම නොව ජනතාවගෙන් රජයේ ආරක්ෂාව කරගැනීමේ ක්‍රියාවට බව පැහැදිලිවන බව දේශපාලන විශ්ලේෂකයන් පවසයි.
ඊයේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රී සංයුතිය වෙනස්වීමත් සමඟ හදිසි නීතිය සම්මත කර ගැනීමට තිබුණු ඉඩකඩ සම්පූර්ණයෙන්ම අවිනිශ්චිතතාවයට පත්වීම හේතුවෙන් ජනාධිපතිවරයා විසින් හදිසි නීතිය ඉවත් කරනු ලැබූ බව පැහැදිලිවන බවද ඔවුන් පවසයි.

Previous articleජනතා රැල්ලට බියෙන් රට හැර යාම උග්‍ර වේ නිරූපමා රාජපක්ෂත් රට පනියි
Next articleකබ්රාල් ට විදෙස්ගතවීම තහනම්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here