EZ Stove  වෙතින් ‘ජනලිප’ සහ ‘EZ කාර්මික උදුන’ නමින් නවතම උදුන් වර්ග දෙකක්

34
සාම්ප්‍රදායික ගෑස් උදුන් වෙනුවට සාර්ථක විකල්පයක් ලෙස අඟුරු උදුන් හඳුන්වා දුන් EZ Stove මේ වන විට ‘ජනලිප’ සහ ‘EZ කාර්මික උදුන’ වශයෙන් නවතම උදුන් වර්ග දෙකක් හඳුන්වා දී තිබේ. මෙය රටේ පවතින විදේශ විනිමය අර්බුදය ඇතුළු ආර්ථික අර්බුදවලට මෙන්ම පරිසරයට ඇති වන අහිතකර බලපෑම්වලට පිළියමක් වශයෙන් ජනතාවට විකල්ප ක්‍රමවේදයන් හඳුන්වා දීම සඳහා EZ Stove විසින් ගන්නා ලද තවත් සාර්ථක උත්සාහයක ප්‍රතිඵලයකි.

ජනලිප යනු මීට පෙර හඳුන්වා දුන් EZ Turbo අඟුරු උදුන සඳහා අඩු වියදම් විකල්පයකි. එහි බඳ මැටිවලින්ද, ඉන්ධන ඇතුළු කරන ස්ථානය ඉහළ ශ්‍රේණියේ වාත්තු යකඩවලින් ද තනා ඇති නිසා එයට පොල්කටු දහනය වීමේ දී ඇති වන අධික උෂ්ණත්වයට මැනැවින් ඔරොත්තු දීමේ හැකියාව පවතී. එමෙන්ම එයට යොදා ඇති ටර්බෝ පංකාව නිසා ආහාර පිසීමේ දී දැලි සහ දුම් ඇති වීම ද අවම වේ.
EZ කාර්මික උදුන නිෂ්පාදනය කර ඇත්තේ, හෝටල් සහ ආපන ශාලා වැනි ස්ථානවල වාණිජ මට්ටමින් ඉවුම් පිහුම් කිරීම පහසු වන පරිද්දෙනි. ගල් අඟුරු, පොල් කටු සහ දර යොදා දැල්විය හැකි මෙම උදුන මත විෂ්කම්භය අඩි 3ක් දක්වා වන භාජන තබා ඉවුම් පිහුම් කළ හැකි වේ. වඩාත් ඉක්මනින් ආහාර පිසීම සිදු කළ හැකි ආකාරයට මෙයට ටර්බෝ පංකාවක ්ද යොදා ඇත.
පසුගිය කාලය තුළ සම්මාන රැසකින් පිදුම් ලැබීමට EZ Stove සමත් විය. ‘ජාතික විද්‍යා හා තාක්ෂණ ජනාධිපති සම්මානය’, මොරටුව විශ්ව විද්‍යාලය මගින් පිරිනමන ලද ‘සමස්ත ලංකා නවෝත්පාදන සම්මානය’, ජාතික විද්‍යා පදනම මගින් පිරිනමන ලද සම්මාන හා අගැයුම් මෙන්ම තාක්ෂණික සම්මාන උලෙළේ දී ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනයේ පිළිගැනීම හිමිවීම ආදිය ඒ අතුරින් ප්‍රධාන තැනක් ගනී●
 
 

Previous articleදැන්වත් නිහඬතාව බිඳිමු !
Next articleකබ්රාල් මහ බැංකු අධිපති ධූරයෙන් ඉවත්වේ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here