දැන්වත් නිහඬතාව බිඳිමු !

77

මේ වෙනකොට රටේ ඇති වෙලා තියෙන තත්ත්වය ගැන ආයෙ අමුතුවෙන් කාටවත් කියන්න ඕනෙ නැහැනෙ. කාටත් ඇඟට දැනෙන වෙනසක් කරන්න මේ ආණ්ඩුව ගත වුණු අවුරුදු දෙකහමාර ඇතුළෙ හොඳටම කටයුතු කරලා තියෙනවා. ආණ්ඩුව බලයට පත් වෙද්දී, ආණ්ඩුවට පක්ෂව හැටනම ලක්ෂයක් ඡන්දය දුන්නට දැන්නම් ආණ්ඩුවට ඡන්දෙ දුන්න කෙනෙක් හොයා ගන්නවා කියන්නෙ කළුනික හොයනවටත් වඩා අසීරු දෙයක්.
සෞභාග්‍යය අරගෙන එනවා කිව්ව ආණ්ඩුවේ වැඩ හින්දා මේ වෙන කොට ගෙදර වැඩි දෙනෙක් දවසෙන් වැඩි වෙලාවක් ඉන්නෙ පෝලිම්වල. එක්කො ගෑස් පෝලිමේ. නැත්නම් තෙල් පෝලිමේ. එහෙමත් නැත්නම් කිරිපිටි හරි වෙන මොනවා හරි ගන්න පෝලිමක. එහෙම පෝලිම්වල ඉඳලත් ජීවත් වෙන්න අත්‍යවශ්‍ය කරන දේවල් හොයා ගන්න අමාරුයි. ඒකත් දැන් හරියට ආණ්ඩුවට ඡන්දෙ දුන්න කෙනෙක් හොයා ගන්න එක වගේම වෙලා.

දිලිත් ජයවීරලාට, ධම්මික පෙරේරාලාට පීඩාවට පත් වෙච්ච මිනිස්සුන්ගෙ ‘කමෙන්ට්ස්’ කියවලා පොඩි ආතල් එකක් ගන්න පුළුවන් වුණාට, පීඩිත ජනතාව වෙනුවෙන් පෙනී ඉන්නවා කියල වේදිකාවල කෑමොර දෙන සජිත් ප්‍රේමදාසගෙ බිරිඳට සහ නංගීට පැන්ඩෝරා පේපර්ස්වල රටේ මිනිස්සුන්ගෙ සල්ලි කෝටි, ප්‍රකෝටි ගණනින් තැන්පත් කරපු නිරූපමා රාජපක්ෂගෙ කොක්ටේල් පාටිවලට යන්න පුළුවන් ද?

ඒත්, ප්‍රශ්නය තියෙන්නෙ එතැන නෙමෙයි. මේ තියෙන තත්ත්වයත් කළමනාකරණය කරන්න ආණ්ඩුවට පුළුවන් වෙලා ද කියන ප්‍රශ්නයක් තියෙන එක. එහෙම නැත්නම් රටේ ජනතාවට ජීවත් වෙන්නවත් බැරි තත්ත්වයක් තියෙද්දී, දරුවන්ට කන්න දෙන්න විදිහක් නැතුව මිනිස්සු සිය දිවි නසා ගනිද්දී, ජීවිත ගණනාවක් පෝලිම්වල මැරිල වැටෙද්දී, කොහොම ද රට පුරා පැවැත්වෙන කානිවල්වල, මියුසිකල් ෂෝවල නටන්නෙ ? රටේ මේ තරම් විදුලි අර්බුදයක් තියෙද්දී, කානිවල් තියන්න විදුලිය දෙන්නෙ කොහොම ද? ඉගෙන ගන්න දරුවගෙ ඉඳලා එදා වේල හොයාගෙන කන මනුස්සයගෙ ජීවිත කඩාකප්පල් කරමින්, පැය අට, දහය විදුලිය කප්පාදු කරන ඒකෙන් කොටසක් හරි බේරන්න මේ කානිවල්වලට විදුලිය වැය කරන එක නතර කරන්න ඇයි ආණ්ඩුව කටයුතු නොකරන්නේ කියලා කවුරුත් ප්‍රශ්න කළ යුතුව තිබෙනවා.
මේක හොඳටම තේරුම් ගන්න පුළුවන් ‘ෆේස්බුක්’ ඇතුළු සමාජ මාධ්‍යවලට ගියා ම. ඒකෙදී වැඩියෙන්ම දකින්න පුළුවන් අර්බුදයයේ පීඩාව නෙමෙයි, අර්බුදය විහිළුවක් කර ගත්ත අය. එක පැත්තකින් ‘ටික්ටොක්’ කරන අය, අනෙක් පැත්තෙන් ඇතැම් ‘යූ ටියුබ්’ නාළිකා මේ අර්බුදය විහිළුවක් කරගෙන. දවසකට ‘ෂෙයාර්’ වෙන ‘පෝස්ට්’ වැඩි ගණනක තියෙන්නෙත් විදුලි කප්පාදුව, ගෑස් පෝලිම්, තෙල් පෝලිම් හාස්‍යයට ලක් කිරීම්.
ඒත්, මේ මතු වෙලා තියෙන ප්‍රශ්නය ඊට වඩා බරපතළයි. මේ ප්‍රශ්නය නිසා මිනිස්සු ජීවිතවලින් වන්දි ගෙවමින් ඉන්නවා. ලක්ෂ ගණනක් ජනතාව ඊ ළඟ වේල කන්නෙ කොහොම ද කියන එක ගැන කල්පනා කරමින් හූල්ලනවා. එහෙම වෙලාවක සමාජය ගැන දැනෙන හැමෝම මීට වඩා සක්‍රිය මැදිහත් වීමක් මේ වෙනුවෙන් කරන්න ඕනෙ. ඒත්, වැඩි දෙනෙක් එහෙම කරනවා පේන්න නැහැ. ගොවීන්, ඇතැම් තරුණ පිරිස් මේ වෙන කොටත් පාරට බැහැලා, මේ තත්ත්වයට සහ ආණ්ඩුවේ ජනතාව පෙළන පාලනයට විරුද්ධ වුණාට බහුතරයක් ජනතාවට තාම හරියට ප්‍රශ්නය දැනිල නැද්ද කියල හිතෙන්නෙ ඒ නිසයි.
දිලිත් ජයවීරලාට, ධම්මික පෙරේරාලාට පීඩාවට පත් වෙච්ච මිනිස්සුන්ගෙ ‘කමෙන්ට්ස්’ කියවලා පොඩි ආතල් එකක් ගන්න පුළුවන් වුණාට, පීඩිත ජනතාව වෙනුවෙන් පෙනී ඉන්නවා කියල වේදිකාවල කෑමොර දෙන සජිත් ප්‍රේමදාසගෙ බිරිඳට සහ නංගීට පැන්ඩෝරා පේපර්ස්වල රටේ මිනිස්සුන්ගෙ සල්ලි කෝටි, ප්‍රකෝටි ගණනින් තැන්පත් කරපු නිරූපමා රාජපක්ෂගෙ කොක්ටේල් පාටිවලට යන්න පුළුවන් වුණාට ගෙදර ගියාම උයාගෙන කන්න ගෑස් එක නැති, කරන්ට් එනකම් කළුවරේ බලාගෙන ඉන්න වුණු සාමාන්‍ය මිනිස්සුන්ට තවත් මේ තත්ත්වය දිහා අන්ධයන්, ගොළුවන්, බිහිරන් වගේ ඉන්න පුළුවන්  නම්, නුදුරේ දීම ලංකාව හයිටියටත් එයා ගිය රටක් බවට පත් වෙන එක වළක්වන්න බැරි වෙයි.
 
 
 
 
 

Previous articleසියලුම කැබිනට් අමාත්‍යවරුන් සිය ධුරවලින් ඉල්ලා අස්වෙයි
Next articleEZ Stove  වෙතින් ‘ජනලිප’ සහ ‘EZ කාර්මික උදුන’ නමින් නවතම උදුන් වර්ග දෙකක්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here