ශ්‍රී ලංකා පොලිසියේ කනිෂ්ඨ නිලධාරීන්ගේ සංගමයෙන් රුපියල් එක්කෝටි එකොළොස්ලක්ෂ විසිඅටදහසකට අධික මුදලක් සාවද්‍ය ලෙස පරිහරණය කර ඇති බව විගණන වාර්තාවකින් අනාවරණය වෙයි.
එම සංගමයට අයත් ලංකා බැංකුවේ සහ ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ පවත්වාගෙන ගිය ගිණුම් දෙකකින් රුපියල් පන්කෝටි හැටඑක් ලක්ෂයකට අධික මුදලක් ලබාගෙන ඇති අතර, ඒ වෙනුවට එම බැංකු දෙකෙහි රුපියල් හාරකෝටි පනස්ලක්ෂයක් වෙනත් ගිණුම් යටතේ තැන්පත් කර තිබේ. මෙම සාවද්‍ය ගනුදෙනු නිසා රුපියල් එක්කෝටි එකොළොස්ලක්ෂ විසිඅට දහසකට අධික මුදල එම සංගමයට අහිමි වී තිබේ.
මේ සම්බන්ධයෙන් එම සංගමයේ හිටපු නිලධාරීන්ගෙන් සාමාජිකයන් විසින් තොරතුරු විමසා තිබුණ ද, පිළිගත හැකි හේතු ලබා දී නැති බව අනාවරණය වේ.