ශ්‍රී ලංකාවේ ටයිල් සම්බන්ධ වෙළෙඳපොළ ප්‍රමුඛයා වන ලංකා ටයිල්ස් ප්‍රථම වරට සිය සම්පූර්ණ නිෂ්පාදන එකතුව සඳහා QR කේත ක්‍රමයක් හඳුන්වා දී ඇත. මෙමඟින් පාරිභෝගිකයන්ට ලංකා ටයිල්ස් නිෂ්පාදන සහ ඒවායෙහි මිල ගණන් ඉතාමත් පහසුවෙන් පරීක්ෂා කර තහවුරු කර ගැනීමට අවස්ථාව ලැබේ. ශ්‍රී ලංකාවේ ටයිල් කර්මාන්තය ස්වයං-නියාමනයකට යොමු කරවීම සහ වෙළෙඳපොළේ පවතින ඇතැම් වංචනික ප්රවණතාවන්ගෙන් පාරිභෝගිකයන් ආරක්ෂා කිරීම මෙහි මූලික අරමුණ වී තිබේ.
QR කේත ක්‍රමය භාවිත කිරීමට අමතරව, 0117 622 822 දුරකථන අංකය ඇමතීම හෝ www.lankatiles.com වෙබ් අඩවියට පිවිසීම මඟින්, ලංකා ටයිල්ස් නිෂ්පාදන එකතුව සහ ඒවායෙහි මිල ගණන් ඇතුළු තොරතුරු දැනගැනීමට පාරිභෝගිකයන්ට අවස්ථාව හිමි වේ.
“දශක ගණනක උරුමයක් ඇති සමාගමක් ලෙස, පාරිභෝගිකයන්ගේ යහපත වෙනුවෙන් ක්ෂේත්රයට නව ආදර්ශයන් හඳුන්වා දීමට අප හැම විටම සූදානම්. මේ වන විට විදේශ විනිමය අර්බුදය හේතුවෙන් පනවා ඇති ආනයන සීමාවන් නිසා වෙළෙඳපොළේ ඇති වී තිබෙන තත්ත්වයන්ගෙන් අයුතු ප්‍රයෝජන ලැබීමට ඇතැම් කූට වෙළෙඳුන් පෙළැඹී සිටිනවා. මේ වැඩසටහන ඔස්සේ එම වෙළෙඳුන් පිටුදැකීමට පාරිභෝගිකයන්ට අවස්ථාව ලැබේවි. පවතින තත්ත්වය හමුවේ පාරිභෝගිකයන්ගේ යහපත වෙනුවෙන් මෙවැනි ක්‍රමවේදයන් ක්‍රියාවට නැංවීම සහ, එවැනි ක්‍රමවේදයන් ක්‍රියාවට නැංවීමට අනෙකුත් සමාගම් ද යොමු කරවීම අතිශයින් වැදගත්.” ලංකා ටයිල්ස් සමාගමේ සහ ලංකා වෝල්ටයිල්ස් සමාගමේ කළමනාකාර අධ්යක්ෂ මහේන්ද්‍ර ජයසේකර පැවසී ය.
ජනතාව මෙන්ම ඉදිකිරීම් කර්මාන්තය වැනි කර්මාන්තයන්ද අපහසුතාවට පත්වන අයුරින් ඇතැම් වෙළෙඳුන් ටයිල් සහ නානකාමර උපාංග සඳහා අධික මිල ගණන් අය කරන බවට මෑතකාලීනව විවිධ වාර්තා පළ විය. මීට පිළියමක් වශයෙන් උපරිම සිල්ලර මිල නියාමනයන් දැඩිව අනුගමනය කිරීමට හැකි වන ආකාරයට ලංකා ටයිල්ස් විසින් මෙම වැඩසටහන ක්‍රියාවට නංවන ලදී. අසාධාරණ මිල ගණන් අය කරන වෙළෙඳුන් පිළිබඳව පාරිභෝගික අධිකාරිය දැනුම්වත් කිරීම සඳහා එම අධිකාරිය 1977 ක්ෂණික ඇමතුම් අංකය හඳුන්වා දී තිබේ●