රටේ ඉන්න හාල්පාරුවො මක්ක දෙඩුවත් ජාතියන්තර ප්රොජාව ඉදිරියට බයක් හැකක් නැතුව දාන්ඩ පු`ඵවන් සුපිරි පොර රනිල් ඇරෙන්ඩ වෙනින් කවුරුත් නෙවෙන බව ආයෙමත් අපිට සුවර්ම සුවර් බව එකෙන්ම කියා හිටිනවා ලොක්කා. යසපාලන සමයෙ අපේ සිරිලංකාව පුබුදුවල ගන්ඩ මයිත්තිරි ගොයියත් එක්ක බාන් වෙලා ඔහේ මොන තරං දහිරියක් දැම්ම ද? ආයිබොවන්ඩ පල්ලා බොස්, හිටංගෙයි, ඔහේගෙයි රෝල්ගෝල් බෙරේන්වලින් හරිහමං පොරයෝජනයක් ගන්ඩ තරං මේකෙ ඉන්න වාහෙලාට පිනක් තිබුණෙ නැහැනෙ.
පහුණු දවසක අපේ සෑර්ලා පවත්තපු සරුවපිත්තල සාජ්ජෙදි ඔහේ අපේ බොක්කටම දීපු අලුත්ම අයිඇම්ඇෆ් රැප් සෝං එක මාරෙටම හිට් වුණා නේ ද? සියලු දෙවිදේවතාවුන්ගෙ පිහිට ආසිරිවාදෙ ලැබිල තමුන්නැහැට වෝල් බෑන්ක් බයිලාවකුත් ගායනා කොරන්න ඉක්මනටම වාසනාව පෑදේවා කියා අපි පාර්තනා කොරනවා. ආයෙ දෙකක් නැහැ එදා අර සැන්ටරල් බෑංක් කබ්බා ඔහේට දාපු පුස් පාට් එක දැකලා අපේ සෑර්ට වගේම අපිටත් මල පැන්න නොවැ ආයිබොවන්ඩ. කබ්බා හිතාගෙන ඉන්ඩ ඇති මෑන්ස්ගෙ පැල් කවි අහලා අපේ සෑරුත් ඔහෙත් එක්ක ගේම ඉල්ලයි කියලා.. නැද්ද මං අහන්නෙ? විමලෙල, ගම්මමන්ලටවත් අපේ බුදු සෑර්ව අන්දන්ඩ ඇහැක් නොවුණ එකේ කබ්බ ගහයි බම්බු.. නේද ලොක්කා.?
හැබැයි බොස්, මිස්ට ක්ලීන් වගේම මිස්ට බීන් හැටියටත් ඔහේ පෙන්නපු කලර්ස් නං දැන් කවුරුවත් ඒ තරං කෙයාර් කොරන්නේ නැති පාටයි. මොක ද? අපේ සෑර් මේ දවස්වල කොරගෙන යන හොඳටම කෙරුවාව එක්ක බලපුවහම ඔහේ සැන්ටරල් බෑංක් එක කිලීන් කොරපු එකත් ඒ තරං කජ්ජක් නෙමේ කියලයි ඇෆ්බී එකට පෝස්ටු දාන සැට් එක නං කියන්නෙ. අඩුම ගාණේ බීන් මහත්තයා හැටියට තියපු රැකෝඩ් ටිකවත් බේරාගන්ඩ ට්රයි කොළොත් හොඳා නේද ලොක්කා.
මේ දවස්වල අපේ සෑර් දාන ගොන් පාට් දිහා බලපුවහම නං තමුන්නැහැගෙ බීන් ජෝක්සුත් නිකංම කොන්ඩෙන් වෙලා යන සයිස්සෙකක් තමා පේන්නෙ. මක්ක උනත් පෙරට තියාපු පය නං ආපහු පස්සට ගන්ඩෙපා හරියෙ. මේ ළඟක දී පුතාණොත් මන්දිරේ පිළිකන්නටම ඇවිත් මෝලං ගහලා ගිය හැටි දැක්ක නෙ. අපෙ සෑර්ට මීටත් වඩා හොඳට කොරල පෙන්නන්ඩ හිතක් පහළ වුණොත්, පුතාණො ලව්වා ඔහේට ගේමක් දෙන්ඩත් බැරි නැහැ.
මේ ළඟදි දොහක ලස්සන මැඩම්ල කස්ටියකුත් එක්ක කොළොම්පුරේට ඇවිත් පෙන්නපු බජං සන්දර්සනෙනුත් ඔහේ මාරෙට ස්කෝ කොළා නේද ලොක්කා? අනේ ඒ රත්තරං මැඩම්ලට ඇස්වහක් කටවහක් වදින්ඩ නං එපා දෙයියනේ. සුදට සුදේ සුරංගනාවියො වගෙ බැබළි-බැබළී තමුන්නැහැගෙ ඒ අංගනාවො රෑන දුක්විඳින ජනතාව වෙනුවෙන් කොරපු දේව කන්නලව්ව අහගෙන ඉන්නකොට අපේ පුරස්න අන්තර්දාන වෙලා ගියා නොවැ ආයිබොවන්ඩ. කොටින්ම කියනව නං රනිල් අපිට දැනුණේ දිව්යාංගනාවෝ මහ ගොඩක් ගෑස් සිලින්ඩර, කිරිපිටි ආදී අනේක වර්ගයේ කැවිලි, පෙවිලි අරගෙන දිවියලෝකෙන් මහ පොළොවට වඩිනවා වගෙයි.
ඉතිං බොස් තමුන්නැහැ ඊ ළඟට අල්ලන්ඩ සූජානං වෙන කස්තිරම මොන වගේ එකක් ද කියලා අපි බලා ඉන්නෙ මාර ආසාවෙන්. ඔහේ බොහොම දුරදිග බලලා තුරුම්පු ගහන මාස්ටර් බෙරේන්කාරයෙක් බව අපි නොදන්නවයැ ඉතිං. ඒක හංදා අපෙ සෑරුත් එක්කම හොම්බෙන් යන ගේමක් ගැහුවොත් නං ඔහේ මෙච්චර කල් තියාපු රැකෝඩ් ඔක්කොම බලාස් වෙනවා ෂුවර් ආයිබොවන්ඩ●