ජනාධිපති ගෝටාබය රාජපක්ෂගේ නිවස ඉදිරිපිට මාර්ගයේ පෙරේදා (31) රාත්‍රියේ පැවති උද්ඝෝෂණය අතරතුර අත්අඩංගුවට ගැනුණු 21දෙනෙක් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර ඇති අතර ඉන් 6 දෙනෙකු රක්ෂිත බන්ධනාගාර ගතකර තිබේ.
ඊයේ (01)ගංගොඩවිල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ ඔවුන්ගෙන් 15 දෙදෙනෙක් ව ඇප පිට නිදහස් කර ඇති අතර අනෙක් 6 දෙනා අප්‍රේල් 04 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ. එම සැකකරුවන් 06 දෙනා හඳුනාගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කිරීමට නියමිතය.