මේ අප එක්ව එක හඬින් “දැන් ඇති!” කියා කිය යුතු මොහොතයි

67

පහත පළවන්නේ රටේ වත්මන් තත්වය සැලකිල්ලට ගනිමින් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු ක්‍රීඩක, ලොව නම් දැරූ පන්දු රකින්නා වන රොෂාන් මහානාම විසින් තම ෆේස්බුක් ගිණුමේ තබන ලද සටහනකි.
“දැඩිව කලකිරුණු හදින් මේ සටහන තබන්නේ, මගේ රට අදූරදර්ශී පාලකයන් නිසා මේ මොහොතේ පවතින ආර්ථික අවපාත තත්ත්වය දැකිමෙන්. මෙකී පාලකයන්ට වඩා මම මගේ රටට ආදරය කරන සහ දේශප්‍රේමී මිනිසෙකු යැයි මා ආඩම්බර වන්නේ අවස්ථාව ලැබී තිබියදීත් මම මෙරටින් පිට නෙවෙී සිටින නිසායි.
මම මේ මොහොතේ ඔබ සැමගෙන් ඉල්ලා සිටින්නේ ජාතිය, ආගම, දේශපාලන පක්ෂය සහ විශ්වාස පසෙකලා එක්ව රටක් ලෙසින් නැගී සිටින ලෙසයි. මේ අප එක්ව එක හඬින් “දැන් ඇති!” කියා කිය යුතු මොහොතයි.
මා මෙරටේ මිනිසුන් සමග එක්ව නැගී සිටින අතර, මගේ ලස්සන මවු රට මේ අඳුරින් මුදවා ගෙන අනාගත පරපුරට සාමකාමී වටපිටාවක් ඇති කිරීමේ පොදු අරමුණින් මේ වෙනුවෙන් වෙහෙසෙමි.”

Previous articleලංකා e-paper (2022.04.03)
Next articleවිනී හෙට්ටිගොඩ ‘ලංකා’ කාටුන් 2022 – 04 – 03

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here