පොළොන්නරුවේ ගොවි ජන පෙළපාලිය සහ රැළිය

9

සමස්ත ලංකා ගොවිජන සම්මේලනය, “සාගතයද? ජීවිතයද?” යන තේමාවෙන් මෙහෙයවන දැවැන්ත ගොවි විරෝධතා පෙළපාලිය පොළොන්නරුව වකුගඩු රෝහල අසලින් ආරම්භ වී කිලෝමීටර් 4 ක් ගෙවා මේ වන විට පොළොන්නරුව පැරකුම් සමුදුර වැව් තැවුල්ලේදී දැවැන්ත රැළිය මේ වනවිට ආරම්භ වී තිබේ.
ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක , සමන්ත විද්‍යාරත්න, සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ නායක නාමල් කරුණාරත්න ඇතුළු රටපුරා ගොවි නායකයින් මෙම රැළියට සහබාගි වී සිටියි.
මෙහිදී අදහස් දක්වමින් සිටින අනුර දිසානායක

අවුරුදු 74ක් පුරා රට පාලනය කරමින් ජනතාවට ජීවිතය අහිමි කිරීමට වගකිවයුතු පාලකයන් සියලුදෙනා පලවාහැරිය යුතු බවත් මේ වනවිට අවුරුදු දෙකක් පුරා අසාධාරණයට විරුද්ධව අරගල කරන ගොවි ජනතාවගේ හඩ කන් නොදෙන ආණ්ඩුව පලවා හැරීම අවශ්‍යමයි.
සාධාරණ ඉල්ලීම් දිනාගැනීමට සටන් කිරීමෙන් නොනැවතී පවුලක් කේන්ද්‍රගත කරගෙන ගෙනයන මේ ආණ්ඩුවේ පාලනය පලවා හැරීම සඳහා ජනතාව පෙලගැස්වීම මෙන්ම රට මේ තත්වයට ඇද දැමීමට වග කිව යුතු කිසිදු පක්ෂයකට යළි ඉඩ නොදියයුතු බව එහිදී ඔහු අවධාරණය කෙරිණ.
පරාක්‍රම සමුද්‍රයේ ජල කඳ මෙන් සිය දහස් ගුණයක් දහදිය හෙළා මේ බිම තෙත්කළ ගොවිජනතාවගේ නූතන පරපුරව ත්‍රිවිධ හමුදාව යොදවලා කුඹුරට දක්වන බව කී ජනාධිපතිවරයා ඇතුළු ආණ්ඩුව ගෙදර යැවීමේ දැවැන්ත ගොවි සටන දියත් කරන තිබෙන බව සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ රැලිය ආරම්භ කරමින් එම සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න පැවසීය.
නොමිලේ පොහොර දෙනවා, ගොවියාට සාධාරණ මිලක් දෙනවා, බඩු මිල අඩු කරනවා කියලා බලයට ආපු ජනාධිපති ඇතුළු ආණ්ඩුව දැන් ගොවියාව පාරට ඇදල දාල බත්පතට වැලි ගසා ඇති බව “සාගතයද? ජීවිතයද?” යන විරෝධතා රැලිය අමතමින් ඌව වෙල්ලස්සේ ජන අයිතීන් සුරැකීමේ සංවිධානයේ කැඳවුම්කරු සමන්ත විද්‍යාරත්න පැවසීය.
 
එහිදී ඔහු වැඩිදුරටත් සඳහන් කළේ වක්කඩෙන් අත සෝදාගෙන නාමයෝජනා පත්‍රය අත්සන් කළ බව කියන, ජාතියේ ආඩම්බර කාර තාත්තා බව කියන මහින්ද රාජපක්ෂගේ පුතා මාලදිවයිනේ දිය කෙළින බවය.
මව්බිමේ ගොවියා වහලෙක් බවට පත් කළ අපේ ගොවියාගේ සංස්කෘතික බැඳීම් වනසා දමන ගෝටාබය රාජපක්ෂ ආණ්ඩුව පලවාහැරීමට ක්‍රියා කරන බව “සාගතයද? ජීවිතයද?” ගොවි විරෝධතා රැලිය අමතමින් සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ප්‍රධාන ලේකම් ටී.බී සරත් පැවසීය.
ඔහු වැඩිදුරටත් සඳහන් කළේ 2005 කෘෂිකර්ම ඇමති ලෙස සිටි අනුර දිසානායක මේ රට සහලින් ස්වංපෝෂිත කළ බවත් සමස්තයක් වශයෙන් 2019 දක්වා එය රැකගෙන ආ බවත්ය. නමුත් වර්තමාන ආණ්ඩුව යටතේ ගොවියා වහලෙකු බවට පත්කිරීමේ ක්‍රියාවලියට එරෙහිව ආණ්ඩුව පෙරලීම දක්වා අරගල කරන බවත් පැවසීය.





Previous articleඅර්බුදය හා ඇවිළෙන ජනතා කෝපය
Next articleඩබ්. ජයසිරි යනු අම්මට සිරි තාලෙ මිනිහෙකි. ඔහුගේ මතක සටහන් පෙළ ‘ලට්ට ලොට්ට’

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here