විල් ස්මිත් ඔස්කාර් සම්මාන උළෙලේ නිවේදකයා තම බිරිඳට කරපු ‘නොහික්මුණු’ විහිළුවට එරෙහිව නිවේදකයාට කනට ගැහීම සම්බන්ධ සිද්ධිය විවිධාකාර අර්ථකථනයන්ට ලක්වෙමින් පවතිනවා.
මෙහි හොඳ නරක හෝ යථාර්ථය සොයා ගැනීම අපහසු වෙලා තියෙන්නේ සිද්ධිය පැත්තක් ගැනීමට නොහැකි තරම් ටිකක් සංකීර්ණ නිසයි.
කවරම තත්ත්වයක් යටතේවත් පුද්ගලයෙකුගේ රෝගී තත්ත්වයක් හෝ ස්වභාවික පිහිටීමක් විහිළුවට ගැනීම හොඳ දෙයක් නොවන අතර එසේ කරන විට සන්දර්භය ගැන අතිශයින්ම කල්පනාකාරී විය යුතුයි. අවාසනාවට මෙතැනදී නිවේදකයා ඒ ගැන එතරම් කල්පනා කර නැති අතර නමුත් ඔහු ඉදිරිපත් කරන ආකාරයට අනුව අපහාස හෝ හිංසා කිරීමට ඔහුට අරමුණක් තිබණ බවක් අපට ස්ථිරවම කියන්න බැහැ.
පොදු අවස්ථාවකදී විහිළුවකින් යම් අපහාසයක් අපහසුතාවයක් ඇති වුණම වේදිකාවට නැග විහිළු කළ කෙනාට ප්රචණ්ඩ ලෙස පහර දීම ද ශිෂ්ට සම්පන්න සමාජයක දී අනුමත කරන්නට බැහැ. ප්රචණ්ඩ ලෙස පහර නොදී විරෝධය පළ කිරීමට, වර්ජනය කිරීමට, කනගාටුව ඉල්වා සිටීමට, නඩු මගට බැසීමට ආදී මෙවැනි තවත් බොහෝ දේ තියනවා.
ප්රචණ්ඩ ලෙස පහර දීම අමතක කළහොත්, තම බිරිඳ හෝ පවුලට වෙන අපහසුතාවයක් හෝ අපහාසයක් වෙනුවෙන් ඕනෑම තැනක නොබියව නැගී සිටීම අගය කළ යුතුයි . නමුත් එය කළ යුතු ශිෂ්ට සම්පන්න පිලිවෙත ඒක නෙමෙයි.