පාකිස්තානයට නව අගමැතිවරයෙක්?

86

පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ට එරෙහි විශ්වාසභංග යෝජනාව හෙට මාර්තු 25 විවාදයට ගැනීමට නියමිතයි. බොහෝ මාධ්‍ය වාර්තා වලට අනුව ඉම්රාන්ට පාර්ලිමේන්තුවේ බහුතර විශවාසය අහිමි වී තිබෙනවා.විශ්වාස භංගයේ ඡන්ද විමසීම මාර්තු 28 දිනට නියමිතව ඇතත් ඊට පෙර අගමැති ධූරයෙන් ඉල්ලා අස්වන ලෙස විපක්ෂය ඉම්රාන්ට බලකර සිටිනවා.
විපක්ෂයේ විශ්වාසභංග යෝජනාව පිටුපස සිටින අදිසි හස්තය පාකිස්තාන හමුදාපතිවරයා බවයි පැවසෙන්නේ. ඉම්රාන්ගෙන් හිස්වන අගමැති ධූරයට බොහෝ විට විපක්ෂ නායක ෂෙබාස් ෂරීෆ් පත්වනු ඇති. ඔහු හිටපු අගමැති නවාස් ෂරීෆ්ගේ සහෝදරයායි. එසේම ඔහු දැනට පාකිස්තාන මුස්ලිම් ලීගයේ (නවාස් පාර්ෂවය)(PML-N) නායකයාද වනවා.
හිටපු අගමැති බෙනාසීර් බූතෝගේ සැමියා හා පුත්‍රයා විසින් හසුරුවන පාකිස්තාන ජනතා පක්ෂ‍ය ද (PPP) ෂරීෆ්ගේ අගමැති ධූරය පිළිගනු ඇති බව සඳහන්.
PPP පක්ෂයේ ප්‍රබලයකු වූ මන්සූර් වසාන් සඳහන් කළේ ඉම්රාන්ව සිරගත කිරීමට සියළු කටයුතු සූදානම් බව. බොහෝ විට අඩියාලා හෝ කායිපූර් බන්ධනාගාරයේ ඔහුට නවාතැන් සැපයෙනු ඇති බවද වසාන් වැඩිදුරටත් සඳහන් කළා.
මේ අතර තමා කිසිසේත්ම ඉල්ලා අස්නොවන බවත් සටනකින් තොරව යටත් නොවන බවත් ඉම්රාන් ඛාන් නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටිනවා. වංචනිකයන්ගේ කීමට තමා ඉල්ලා අස්වන්නේ ඇයිදැයි ඔහු ප්‍රශ්න කරනවා.
– ශානක ලියනගම 

Previous articleවිනී හෙට්ටිගොඩ කාටුන් ‘ලංකා’
Next articleනෑ කියන ඉන්දීය ණය කොන්දේසි මෙන්න !

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here