විදුලි බල හා බළ ශක්ති අමාත්‍ය ගාමිණි ලොකුගේ ගේ රියදුරුට පිළියන්දල මාවිත්තර පිහිටි රියදුරුගේ නිවස ඉදිරිපිටදී අද රාත්‍රී 8.00ට පමණ යතුරුපැදිකරුවකු විසින් පිහයකින් ඇණ ඝාතනය කර ඇතැයි කැස්බෑව පොලිසියයපවසයි.
පිළියන්දල මාවිත්තර ගම්මානවත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි ඈපාසිංහගේ කනිෂ්ක (41) නැමැත්තෙකු මෙසේ ඝාතනයට ලක්වී තිබේ..
මියගිය අයගේ නිවස ඉදිරිපිටින් අධික ශබ්දයක් පිටකරමින් යතුරු පැදියක් කිහිප වතාවක් ධාවනය කිරීම සම්බන්ධයෙන් ඇතිවූ කතාබහක් දුරදිග යාමත් සමඟ පසුව ඔහුට පිහියකින් ඇණ පළාගොස් ඇතැයි කැස්බෑව පොලිසිය පවසයි.
බරපතල තුවාල ලැබු ඇමතිවරයාගේ රියදුරා පිළියන්දල රෝහලට ඇතුලත් කර ප්‍රතිකාර ලබමින් සිටියදී මියගිය බව පොලිසිය පවසයි.