ලංකා ටයිල්ස් වෙතින් QR කේත ක්‍රමයක්

48
ශ්‍රී ලංකාවේ ටයිල් සම්බන්ධ වෙළෙඳපොළ ප්‍රමුඛයා වන ලංකා ටයිල්ස් ප්‍රථම වරට සිය සම්පූර්ණ නිෂ්පාදන එකතුව සඳහා  කේත ක්‍රමයක් හඳුන්වා දී ඇත. මෙමගින් පාරිභෝගිකයන්ට ලංකා ටයිල්ස් නිෂ්පාදන සහ ඒවායෙහි මිල ගණන් ඉතාමත් පහසුවෙන් පරීක්ෂා කර තහවුරු කරගැනීමට අවස්ථාව ලැබේ. ශ්‍රී ලංකාවේ ටයිල් කර්මාන්තය ස්වයං-නියාමනයකට යොමුකරවීම සහ වෙළඳපොළේ පවතින ඇතැම් වංචනික ප්‍රවණතාවන්ගෙන් පාරිභෝගිකයන් ආරක්ෂා කිරීම මෙහි මූලික අරමුණ වී ඇත.

QR කේත ක්‍රමය භාවිතා කිරීමට අමතරව, 0117 622 822 දුරකථන අංකය ඇමතීම හෝ www.lankatiles.com වෙබ් අඩවියට පිවිසීම මගින්, ලංකා ටයිල්ස් නිෂ්පාදන එකතුව සහ ඒවායෙහි මිල ගණන් ඇතුළු තොරතුරු දැනගැනීමට පාරිභෝගිකයන්ට අවස්ථාව හිමි වේ.
“දශක ගණනක උරුමයක් ඇති සමාගමක් ලෙස, පාරිභෝගිකයන්ගේ යහපත වෙනුවෙන් ක්ෂේත්‍රයට නව ආදර්ශයන් හඳුන්වා දීමට අප හැමවිටම සූදානම්. මේ වන විට විදේශ විනිමය අර්බුදය හේතුවෙන් පනවා ඇති ආනයන සීමාවන් නිසා වෙළඳපොළේ ඇති වී තිබෙන තත්ත්වයන්ගෙන් අයුතු ප්‍රයෝජන ලැබීමට ඇතැම් කූට වෙළඳුන් පෙළඹී සිටිනවා. මේ වැඩසටහන ඔස්සේ එම වෙළඳුන් පිටුදැකීමට පාරිභෝගිකයන්ට අවස්ථාව ලැබේවි. පවතින තත්ත්වය හමුවේ පාරිභෝගිකයන්ගේ යහපත වෙනුවෙන් මෙවැනි ක්‍රමවේදයන් ක්‍රියාවට නැංවීම සහ, එවැනි ක්‍රමවේදයන් ක්‍රියාවට නැංවීමට අනෙකුත් සමාගම්ද යොමු කරවීම අතිශයින් වැදගත්.” ලංකා ටයිල්ස් සමාගමේ සහ ලංකා වෝල්ටයිල්ස් සමාගමේ  කළමනාකාර අධ්‍යක්ෂ මහේන්ද්‍ර ජයසේකර පැවසීය.
ජනතාව මෙන්ම ඉදිකිරීම් කර්මාන්තය හා ජලනල කර්මාන්තය වැනි කර්මාන්තයන්ද අපහසුතාවට පත්වන අයුරින් ඇතැම් වෙළඳුන් ටයිල් සහ නානකාමර උපාංග සඳහා අධික මිලගණන් අයකරන බවට මෑතකාලීනව විවිධ වාර්තා පළ විය. මීට පිළියමක් වශයෙන්, උපරිම සිල්ලර මිල නියාමනයන් දැඩිව අනුගමනය කිරීමට හැකිවන ආකාරයට, ලංකා ටයිල්ස් සමාගම විසින් මෙම වැඩසටහන ක්‍රියාවට නංවන ලදි.
අසාධාරණ මිල ගණන් අයකරන වෙළඳුන් පිළිබඳව පාරිභෝගික අධිකාරිය දැනුවත් කිරීම සඳහා එම අධිකාරිය 1977 ක්ෂණික ඇමතුම් අංකය ද හඳුන්වා දී තිබේ●

පුෂ්ප එපිටකඩුව
Previous article“කබ්රාල් ගේ සල්ලි අච්චු ගැහිල්ල ‘අති ධාවන උද්ධමනය‘ ට පාර කැපුවා”
Next articleඅදාළ කර ගන්න එපා…

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here