ලාෆ් ගෑස් සමාගම ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 4,199ක් දක්වා ඉහළ දමා තිබේ.
මෙම මිල ගණන් වෙනස් කිරීමට අනුව කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක නව මිල රුපියල් 4,199ක් වන අතර කිලෝග්‍රෑම් 5 සිලින්ඩරයක නව මිල රුපියල් 1,680ක් ලෙසත් කිලෝග්‍රෑම් 2ක ලාෆ් ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 672 දක්වා ඉහළ දමා ඇති බව වාර්තා වේ.
ගෑස් සඳහා පනවා තිබු මිල නියාමනයන් ඉවත් කිරීම හේතුවෙන් ගෑස් මිල තීරණය කිරීමේ බලය අදාළ සමාගම් වෙත පවරා ඇති අතර මේ අනුව වෙළෙඳපොළ තුළ ගෑස් මිල තීරණය කිරීම ගෑස් සමාගම් විසින් සිදුකරන බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සඳහන් කරයි.
මිල ඉහළ යාම් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියට දැනුම්දෙන ලෙස සඳහන් කර තිබුණ ද මෙතෙක් එවැනි දැනුම්දීමක් සිදුකර නොමැති බව පාරිභෝගි කටයුතු පිළිබඳ අධිකාරිය පෙන්වා දෙයි.
මෙම ඉහළ දැමූ මිල ගණන් වලට අද(20) දිනයේත් දිවයිනේ ප්‍රදේශ කිහිපයක ලාෆ් ගෑස් අළෙවිය කෙරුණා බව මාධ්‍ය වාර්තා කරයි.