“ජන පීඩක ආණ්ඩුවට එරෙහිව විරෝධතාවය” ජවිපෙ කළුතරදී විදි බසියි

17

‘තෙල් මිල, බඩු මිල ඉහළ දමන ජන පීඩක ආණ්ඩුවට එරෙහිව විරෝධතාවය’ ජනතා විමුක්ති පෙරමුණ විසින් සංවිධානය කරන ලද මෙම විරෝධතාවය අද (17) දහවල් කළුතර නගරයේදී පවත්වන ලදී.
මේ සඳහා ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික සුනිල් හඳුන්නෙත්ති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස ඇතුළු විශාල පිරිසක් සහභාගී වූ අතර වසර හැත්තෑ හතරක සාපලත් පාලනය වෙනස් කිරීම හැර ජනතාවට වෙනත් මඟක් නොමැති බව විරෝධතා රැලිය අමතමින් සුනිල් හඳුන්නෙත්ති ප්‍රකාශ කර සිටියේය.
ගාලුපාර, කටුකුරුන්ද හන්දියෙන් ඇරඹි පෙළපාලියට විශාල ජන සහබාගිත්වයක් තිබු බව අපගේ වාර්තා කරුවන් පවසයි. මේ අතර යතුරු පැදි , ත්‍රිරෝධ රථ තල්ලු කරමින් විරෝධතා පෙළපාලියට සහබාගි වීම විශේෂත්වයකි. කළුතර නගරයට පැමිණි පෙළපාලිය, නගර මධ්‍යයේ දී ජනහමුවක් පවත්වන ලදී මෙම අවස්ථාවේ සුනිල් හඳුන්නෙත්ති සහ නලින්ද ජයතිස්ස විසින් ජනතාව හමුවේ රටේ ඇතිවී තිබෙන වාතාවරණය පිළිබඳව පැහැදිලිකිරීමක් සිදුකළේය.


Previous articleකබ්රාල්ගේ පිල සහ බැසිල්ගේ පිල කියල කණ්ඩායම දෙකක් හැදිල
Next articleවිනී හෙට්ටිගොඩ කාටුන් ‘ලංකා’ 2022-03-20

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here