පසුගියදා පැවති ප්‍රාන්ත මැතිවරණ පරාජයෙන් පසු කොංග්රස් පක්ෂයේ නායිකා සෝනියා ගාන්ධි, පුතු රාහුල් ගාන්ධි සහ දියණිය ප්‍රියංකා ගාන්ධි ඔවුන්ගේ තනතුරුවලින් ඉල්ලා අස්වීමට තීරණය කර තිබේ.
කොංග්රස් පක්ෂයේ කෘත්‍යාධීකාරී මණ්ඩලය අද (13) සවස රැස්වී තීරණයක් ගැනීමට පෙර සෝනියා, රාහුල් සහ ප්‍රියංකා කොංග්රස් පක්ෂයේ ඔවුන්ට හිමි තනතුරුවලින් ඉවත්වීමට තීරණය කළ බව පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයට දැනුම් දී තිබේ.
මෙම තීරණයට හේතු වුවේ පසුගිය දා නිමාවට පත්වුණු ප්‍රාන්ත මැතිවරණ ප්‍රතිඵල අනුව කොංග්රස් පක්ෂය ප්‍රබල ලෙස පරාජය වීම හේතුවෙනි. කෙසේ ඉන්දියාවේ ප්‍රධාන විපක්ෂ දේශපාලන බලවේගය ලෙස සැලකෙන්නේ කොංග්රස් පක්ෂය ප්රමුඛ සන්ධානයයි.
මුලික වටයේ මැතිවරණය පැවැත්වුනේ, උත්තර් ප්රාදේශ්, පන්ජාබ්, උත්තර්කාන්ද්, මනිපූර් සහ ගෝව යන ප්රාන්තවලය. මෙයින් උත්තර ප්‍රදේශ් ප්‍රාන්ත මැතිවරණයෙන් අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ හින්දු ජාතිකවාදී භාරතීය ජනතා පක්ෂය විශිෂ්ඨ ජයක් හිමි කර ගෙන තිබේ.
වැඩියෙන්ම මෙම තීරණයට මුල් වුවායැයි මතධාරීන් පවසන්නේ උත්තර ප්‍රදේශ් ඉන්දියාවේ වැඩිම ජනගහනයක් වෙසෙන ප්‍රාන්තය වන අතර උත්තර ප්‍රදේශ් ප්‍රාන්ත මැතිවරණයේදී කොංග්රස් පක්ෂය මෙහෙයවීම කළේ රාහුල් ගාන්ධි සහ සොහොයුරිය ප්‍රියංකා ගාන්ධි වද්‍රා ය.
අකමැත්තෙන් වුවත් ගාන්ධි පවුලට සම්බන්ධ නොවන නව නායකයකු සහ මහ ලේකම්වරයකු පත් කර ගැනීමට පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයට සිදුවනු ඇතැයි ද දේශපාලන විශ්ලේකයෝ වැඩි දුරටත් පෙන්වා දෙති.