ජවිපෙ මන්ත්‍රී කණ්ඩායම නිසා හොරුන්ට වැඩ වරදී !

42
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ බලය හොබවන හොරණ ප්‍රාදේශීය සභවේ ජවිපෙ මන්ත්‍රී කණ්ඩාමේ මැදිහත් වීම නිසා සිදු වීමට ගිය වංචාවක් වැළැකී ගොස් තිබේ. මීට මාස හයකට පමණ පෙර අඩු ආදායම්ලාභී පවුල් සඳහා සිමෙන්ති කොට්ට හය බැගින් බෙදා දීමට ප්‍රාදේශීය සභාවට යෝජනාවක් ලැබී තිබේ. මෙම සිමෙන්ති බෙදා දීම පසුගිය දා ක්‍රියාත්මක කිරීමට සූදානම් වීමේ දී මේ වන විට රට තුළ පවතින සිමෙන්ති හිඟය දඩමීමා කර ගනිමින් වත්මන් සභාපතිවරයා ඇතුළු පොහොට්ටුවේ මන්ත්‍රී කණ්ඩායම සිමෙන්ති කොට්ටයක් රු 1,700.00 බැගින් මීල දී ගැනීමට සූදානම් වී ඇත. එහි දී සභාපතිවරයා පවසා ඇත්තේ, සිමෙන්ති හිඟ බවත්, එක්තරා සමාගමක් මෙම මිලට සිමෙන්ති ලබා දීමට එකඟ වූ බවත් ය.

පසුගිය 8දා පැවැති මෙම සාකච්ඡාව සිදුව ඇති අතර, ජවිපෙ මන්ත්‍රී කණ්ඩායම පෙන්වා දී ඇත්තේ, දැනට රටේ සිමෙන්ති කොට්ටයක මිල රුපියල් 1,350.00ක් බවත්, අවම වශයෙන් සිමෙන්ති කොට්ටයක් රුපියල් 1,500.00ක මුදලකට තමන්ට ලබා දීමට හැකි බවයි. මෙම තත්ත්වය මත ජවිපෙ මන්ත්‍රී කණ්ඩායමේ මැදිහත් වීමෙන් මෙම අඩු ආදායම්ලාභී පවුල් සඳහා රුපියල් 1,500.00ක මිලකට සිමෙන්ති ලබා දීමට හැකිව ඇති අතර සිදු කිරීමට ගිය මහජන මුදල් වංචාව නතර කර එම මුදල ඉතිරි කර ගැනීමට හැකි වී තිබේ.
 
 

Previous articleලංකාව නීති විරෝධී දුම්වැටි ජාවාරම්කරුවන්ගේ පාරාදීසයක්
Next articleවිපක්ෂයේ සහායෙන් නව මර්දන පනත සම්මතයි ! – හරිනි – සුමන්තිරන් හැර ඔක්කොම එක පැත්තක !

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here