ලංකාව නීති විරෝධී දුම්වැටි ජාවාරම්කරුවන්ගේ පාරාදීසයක්

8

නිත්‍යානුකූල දුම්වැටිවල මිල අධිකවීම හේතු කොට ගෙන ශ්‍රී ලංකාව නීති විරෝධී දුම්වැටි ජාවාරම්කරුවන්ගේ පාරාදීසයක් බවට පත්ව ඇතැයි ඒ පිළිබදව කළ සමීක්ෂණයකදී තොරතුරු හෙළිව තිබේ.
පර්යේෂණ බුද්ධි ඒකකය නම් සංවිධානය මගින් කරනා ලද සමීක්ෂණයකදී මේ තොරතුරු අනාවරණය වී ඇත. ක්‍රය ශක්ති සාමාන්‍යයට අනුව 2020 වසරේ දුම්වැටි මිලදී ගැනීම සඳහා මිල අධිකම රට ශ්‍රී ලංකාව බවත් ගෝලීය නීති විරෝධී දුම්වැටි වෙළෙදාමේ ප්‍රමුඛ ඉලක්කයක් බවට ලෝක සෞඛ්‍ය සංවිධානය හෙළිකරගෙන තිබෙන තිබෙන බවද මෙම සංවිධානය පවසයි.
දුම්වැටි බදුකරණයේ ආර්ථික පැතිකඩ පිළිබඳව සිය නවතම වාර්තාව 2022 ජනවාරි මස එළිදක්වමින් මෙම සංවිධානය මේ බව සදහන් කර සිටියි.
ප්‍රාථමික පර්යේෂණ සොයාගැනීම් මත පදනම්ව පර්යේෂණ බුද්ධි ඒකකයෙහි නවතම වාර්තාව ඇස්තමේන්තු කර ඇත්තේ 2021 වසරේ ශ්‍රී ලංකාව තුළ පරිභෝජනය කරන ලද දුම්වැටිවලින් 21% ක් නීති විරෝධි බවයි.
පසුගිය දශකය තුළ නීති විරෝධි දුම්වැටි පරිභෝජන ප්‍රතිශතය 2012 වසරේ 10% ට අඩු අගයක සිට 2021 වසරේදි 21% ක් දක්වා ක්‍රමයෙන් වැඩිවී ඇතැයි ද ඔවුන් පෙන්වා දෙයි. එම නිසා රටට අහිමව ඇති බදු ආදායම 2021 වර්ෂයේදී පමණක් රුපියල් බිලියන 27 ක් යැයි ද එම සංවිධානයේ වාර්තාවේ දැක්වේ.

Previous article‘CBL Nutriline’. ‘පොඩි වැඩ්ඩන්’ අගැයීමට සහාය දෙයි
Next articleජවිපෙ මන්ත්‍රී කණ්ඩායම නිසා හොරුන්ට වැඩ වරදී !

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here