බෙංගලූරු අන්තර්ජාතික සිනමා උළෙලේ දී” ද නිවුස්පේපර්” චිත්‍රපටය ආසියානු කලාපයේ හොඳම චිත්‍රපටයට හිමි සම්මානයෙන් පිදුම් ලබයි.
අමාත්‍ය බන්දුල ගුණවර්ධන නිෂ්පාදනය කළ සහ සරත් කොතලාවල හා කුමාර තිරිමාදුර සම අධ්‍යක්ෂණයක් වන “ද නිව්ස්පේපර්” (The Newspaper) සිනමාපටය බෙංගලූරු අන්තර්ජාතික සිනමා උළෙලේ ආසියානු සිනමා තරඟය (Asian Cinema Competition) සඳහා නිර්දේශ වී තිබිණි.
ඒ අනුව, මාර්තු 03 සිට 10 වෙනිදා දක්වා ඉන්දියාවේ බෙංගලූරු නුවර පවත්වන ලද 13 වෙනි බෙංගලූරු අන්තර්ජාතික සිනමා උළෙලේ (Bengaluru International Film Festival) ප්‍රධානතම තරඟකාරී අංශයක් වන “ආසියානු සිනමා තරඟය” (Asian Cinema Competition) හිදී ආසියානු කලාපයේ හොඳම චිත්‍රපටයට හිමි සම්මානයෙන් පිදුම් ලැබීමට “ද නිව්ස්පේපර්” චිත්‍රපටය සමත් වී තිබේ.
සරත් කොතලාවල, කුමාර තිරිමාදුර, නෙතලි නානායක්කාර, මාෂි සිරිවර්ධන, දායාදේව එදිරිසිංහ, ගිහාන් ප්‍රනාන්දු, ජයලාල් රෝහණ, පුබුදු චතුරංග යනාදී නළු නිළියන්ගේ රංගනයෙන් හැඩවෙන “ද නිව්ස්පේපර්” හි සම නිෂ්පාදනය රවින්ද්‍ර ගුරුගේ සහ එච්.ඩී ප්‍රේමසිරි විසින් සිදු කරන ලදී.
කැමරාකරණයෙන් චන්දන ජයසිංහ, සංස්කරණයෙන් රුක්මල් නිරෝෂන් , සංගීතයෙන් ගයාත්‍රී කේමදාස, කලා අධ්‍යක්ෂණයෙන් අජන්ත අලහකෝන්, වර්ණ සංයෝජනයෙන් දිනිඳු ජාගොඩ චිත්‍රපටයට දායකත්වය ලබා දී ඇත.