මන්ත්‍රී ජයන්ත සමරවීර රාජ්‍ය අමාත්‍ය ධුරය දැරූ අමාත්‍යංශයේ ලොහාන් රත්වත්තේ අද (10) උදෑසන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස දිවුරුම් දී තිබේ.
ඒ අනුව මන්ත්‍රී ජයන්ත සමරවීර රාජ්‍ය අමාත්‍ය ධුරය දැරූ ගුදම් පහසුකම්, බහාලුම්, අංගන, වරාය සැපයුම් සහ බෝට්ටු හා නැව් කර්මාන්ත සංවර්ධන නව රාජ්‍ය අමාත්‍යවරයා ලෙස ලොහාන් රත්වත්තේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉදිරියේ දිවුරුම් දී ඇත.
ජනාධිපති ලේකම් ගාමිණී සෙනරත් මහතා ද එම අවස්ථාවට එක්ව සිටි බව ජනාධිපති මාධ්‍ය ඒකකය නිවේදනය කරයි.
පෙරේ දා(08) ජයන්ත සමරවීර ගුදම් පහසුකම්, බහාලුම් අංගන, වරාය සැපයුම් පහසුකම් හා නැව් කර්මාන්ත සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වන බවට දැනුම් දෙනු ලැබුවේ මාධ්‍ය හමුවක් ද පවත්වමිනි.