ප්‍රාදේශීය පුවත් මෘතදේහ වැඩිවීමෙන් මීගමුව රෝහලේ අර්බුදයක් ! March 10, 2022 32 මීගමුව රෝහලේ මෘතශරීරාගාරයේ ඉඩකඩ අඩු වීම නිසා මෘතදේහ වැඩි වීමෙන් දැඩි අර්බුදකාරී තත්ත්වයක් නිර්මාණය වී ඇතැයි වාර්තා වේ. මෙම මෘතශරීරාගාරයේ ඉඩකඩ සහ පහසුකම් පිළිබඳව පැවැති ගැටලුව පිළිබඳව පසුගිය කාලය තුළ සෞඛ්‍ය බලධාරීන් දැනුම්වත් කළ ද, ඊට නිසි පියවරක් ගැනිමට කටයුතු කර නැතැයි රෝහල් පාලනය පවසයි. මේ වන විට මෙම මෘතශරීර රෝහල තුළ ගොඩගැසීමට පවතින කොවිඩ් තත්ත්වය ද ප්‍රධාන හේතුවක් බව රෝහල් ආරංචිමාර්ග පවසයි. මේ පිළිබඳව රෝහල් ප්රකාශයෙක් සදහන් කළේ, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සහ ග්‍රාම නිලධාරීන් තම වගකීම නිසි පරිදි ඉටු නොකිරීම ද මෙකී තත්ත්වය වර්ධනය වීමට ප්‍රධාන සාධකයක් වන බවයි● ශිවන්තිකා මුතුගල – මීගමුව.