ආණ්ඩුව හෝ ජනාධිපතිවරයා කැඳවනවා යැයි කියන සර්වපාක්ෂික සමුළුවට ජනතා විමුක්ති පෙරමුණ හෝ ජාතික ජන බලවේගයට ආරාධනා කළ හොත් අපි සහබාගී වනවාද නැද්ද කියන එකට උත්තරය දීමට පෙර අප දැනගතයුතු කරුණු කිහිපයක් තිබෙන බව පාර්ලිමේන්තු මන්ත්රී අනුර කුමාර දිසානායක පවසයි.
මන්ත්රීවරයා පවසන්නේ, මුලින්ම ආණ්ඩුව IMF එකත් එක්ක එකඟවත්වයට පැමිණ ඇති කොන්දේසි හෝ එකඟතා මොනවද යන්න රටට හෙළි කල යුතු යැයි ද රටේ ඇත්ත ආර්ථිකයේ දත්ත හා තොරතුරු ජනතාවට කිවයුතු බවත්, ආණ්ඩුව ඉදිරියේදී කිරීමට සුදානම් වන වැඩ පිළිවෙල කුමක්ද යන්න හෙළිකළ යුතු බව මන්ත්රී අනුර දිසානායක අද (10) පැවසීය.