“වසංගතයේ ආ ප්‍රේමිය” තුළින් සංජීව ගේන්නේ සාරගි හිදීමක විහිදීම කි

30

අහම්බකාරක නිමිති පරාසයක්‌ වස්තු බීජයන් කොට ගෙන ඇත. කේ. සංජීවගේ බස කොහොමත් සොබා ප්‍රභාවකි. ඔහුගේ භාෂාමය සවිමත් කම සජීවී ප්‍රාණයකි. ඔහු ලියන වදන් බාගත භාවිතයන් ය. රිද්මගත භාෂාර්ථයය. මේ ඉක්මන් තාලය අතර යටි පෙළෙහි ප්‍රපංචයන්හි අතර උඩු පෙළෙහි ඇවිදීමකි. අන් අතකින් ඔහු ගේ වාග් විලාශය හද ගැඹුරම අමතයි. තවත් විටෙක අත්දැකීම් මෙන්ම භාවිතාවන් මනාව ස්පර්ශ කරන්නේ ප්‍රබෝධකාරකව ය. තානය ජීවමය ලාලසාවන්ය. එමෙන්ම අවලම් භාවයන් ප්‍රබන්ධකරණයට මනාව සංසරණය කරවයි. මෙහිදී අවලම් යැයි මා කියන්නේ ඊනියා සදාචාර අර්ථයෙන් නොවේ. අවලම් වේස චරිත භාවයන් යනු ජීවමාන හැබෑ යථාර්ථ ආශා විශේෂය යන අර්ථයෙනි. එබැවින් ජීව මානව සැබැදි ආශාවන් ශේෂයන් සියල්ල නිර්භයව හා ලගන්නා තලයේ ප්‍රයෝජන කතිකාවක බහා තබා තිබේ. “වසංගතයේ ආ ප්‍රේමිය”” ලිවීමට හේතුවක් දුන් කෙටිකතා හතකි.
සංජීව පත්තරකාරයකු ට වඩා පුවත්පත් කලාවේදී හා සාහිත්‍යධරයකුට වූ භාෂා ශෛලියක් සහිතයි. ඔහු ගේ භාෂාවේදී ඔහුට ඇත්තේ ඔහු ම ඉව කරන සොබා පියවිය රිද්මයකි. සිදුවීම් සහ පෙළගැසීම්වලට එම සොබා පියවීම් රිද්ම කා වැදී ඇත්තේ නිරායාසයෙනි. පත්තර භාෂාවෙන් යටපත් වන සාහිත්‍ය භාෂාව පත්තර භාෂාව තුළ ද මතුකළ නව නූතනයෙකු ලෙස කේ.සංජීව සංකේත අරුතක්‌ මා සිතේ මතුකළ ලේඛකයෙකි. ඔහුගේ කුළුඳුල් කෙටිකතා පොත මගේ හද හැඟීම් තවත් දළු දමා උදම් දැමූ බව කිව යුතුය. අහම්බකාරක ජීව පරිවාසයේ හමුවීමක් රැගෙන “සන්නියකුම” දිග හරවන ඔහු, එය අවසන් කරන්නේ කතරගම දෙවියන් හමුවට යවමිනි. අහිංසකයන් සහ කාඩයන්ද පූජා වට්ටියක වැසියන් වෙන වත්මනේ චිත්‍රණය මෙමගින් දිග හරවයි.
එක් අතකින් ඔහු කෘතිය පුරා හමා යවන කංසා ධූම සුගන්ධය වැදගත් සංකේතීය සඥාවක් වැනිය. එය නුවන්, චාමර, මාලන්,අමර,අයේෂා ඔස්සේ දිව යන නොමියෙන නොවතින ධූම සුගන්ධයක්ය. මිනූ සහ කාශ්‍යපගේ ජීවිත ආදරය වේස රසින් යුතු ජීවිත වල සහන් අරුමය කියයි. එමෙන්ම අහම්බකාරක ජීවිතවල පොදුමය භාවය වන අහම්බ නියාමය පාදා ලීමට සංජීව සමත්ව ඇත්තේ අති අපූරුවටය . සාම හා අමර රැගෙන චිත්තාභ්‍යන්තරයෙහි රැඳෙන පාසල් නුරා නිරාශාවේ නිදන්ගත කලාපය එළිදක්වයි. ඒ අතර මැදින් ස්ත්‍රී චින්තනමය ඇතුළාන්ත ගැබ දුර දොර හරින හැටිනම් මනස්කාන්තය. මනෝ ශූරම ය. ආල නුරාවෙන් නානුඔයටත් ලෝකාන්තයත් අතර මාලන් -මන්දෝදරිත් හා සැරිසරමින් රාග පහන් සුවය කොනටම පාඨකයා ගෙනයන විමති අන්දරය මරුය.රහට රස පද මැදිල්ල ඊටත් මරුය. “අයේශා ඇවිදින් ගියා” පුරුෂ උමතුවට දිව ඔසුවක් ඇඳුන කතාවකි. එය කෙටිකතාවක විවාහපත් පුරුෂයෙකු නවකතාවක් කරන අරුම ගෙතීමකි.
“වසංගතයේ ආ ප්‍රේමිය” තුළින් ඔහු ගේන්නේ සාරගි හිදීමක විහිදීම කි. මේ වංගුව කතා සාරයකි. වසංගතයේ ආ ප්‍රේමිය කතාවෙදි කේ.සංජීව ආදරයට ගෙනෙන දාර්ශනික කියැවීම තුළ ආල ආතුරයා පෙන්වයි., “ආදරය කියන්නේ බලාගෙන ඉඳිම .. ඔහේ බලාගෙන ඉඳීම. බලාගෙන ඉඳලා හෙම්බත් වුණාම ආයි බලාගෙන ඉඳීම.. මම එහෙම හිතන්න පුරුදු වුණා.” මේ ආදරය ගැන සංජීව විශද කරන භාව වින්දනාත්මක විස්තීර්ණ අර්ථ පූර්ණයක්ය. ක්ලියෝපැට්‍රා අපි දකින දැකිය හැකි දකින සිදුවන ලංකාවේ දේශපාලන ඇත්තය. දැන හෝ නොදැන අපි සප්පායම් සම්මාදන්වන දේශපාලන ඇත්තය. මේ සියල්ල ඇතුලේ සංජීව පෙන්වන්නෙ අහම්බකාරක ප්‍රපංචයන්හි ද දිශානුගත වූ බවයි. රස්තියාදුකාර භාෂාවේ ලැගගත් පියවී සොබා භාෂා හැඟුමන් යායක් ඔහුගේ භාෂාවට ඇත. කෙටිකතා කරණයට සිතුම් වූ වාග් අරුමැසිය කින් හෙබි ජීව විලාසය ජීව හැඟීමෙන් යා වු ඇතුළු හදකින් කේ.සංජීව පොහොසත්ය. දුර්ලභ භාෂා කවියකින් ද භාව සන්දර්භ ජීවයේ හැබෑ ගතිකයන් ද සියුම් මානව දකින්නෙකි. ඊනියා සදාචාර ඝන පටලය ඉරන්නට සමත් වූ විවෘත රසසරන්නෙකි. ජීවන මානයෙන් ම අහුලාගත් සුභ තරංගයන් ගෙන් පෙරාගත් භාෂාමය පසදය න් ද එයටම ඇදුනු ජීව පරි භාෂාවන් හා බැඳී ගිය කේ. සංජීව හැකියාමය කෞශල්‍යයක් වේ. කේ. සංජීව දැන දැනම ඒක ආචාර්ය වට වංගුවේ යෑම නතර කර දැමිය යුතුය. තමන් ව තමන් විසින් ම සිරගත නොකර ගත යුතුය . ඔහු නොනවත්වාම සාහිත්‍යමය ලේඛනයේ යෙදී යුත්තෙකි.

– සුජිත් අක්කරවත්ත
Previous articleදැන් සැම්සන් රජරට ටයිල්ස්, ලංකා ටයිල්ස් අලෙවි ජාලය හරහා ද ලබා ගැනීමේ අවස්ථාවක්
Next articleසොබාදහම සහ වස්සාන සාහිත්‍යය ‘හත්පෙති මලෙන් අත්හැරුණු පෙත්තක්’

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here