දැන් සැම්සන් රජරට ටයිල්ස්, ලංකා ටයිල්ස් අලෙවි ජාලය හරහා ද ලබා ගැනීමේ අවස්ථාවක්

91
සැම්සන් රජරට ටයිල්ස් (පෞද්ගලික) සමාගම සහ ලංකා ටයිල්ස් පීඑල්සී සමාගම යන සමාගම් විසින් දැන් රජරට ටයිල්, ලංකා ටයිල්ස් අලෙවි ජාලය හරහා විකිණීමට කටයුතු යොදා තිබේ. මෙම ඒකාබද්ධ ජාලය හරහා ශ්‍රී ලංකාවේ ටෙරාකොටා (මැටි) නිෂ්පාදන සහ ප්‍රමුඛතම වෝල්ටයිල්  සහ ෆ්ලෝටයිල් මිල දී ගැනීමට ගැනුම්කරුවන්ට අවස්ථාව ලබා දෙන හඳුන්වාදෙන සහ පහසු අවස්ථාවක් ලෙස මෙය ක්‍රියාවට නැංවේ.

සැම්සන් රජරට ටයිල්ස් (පෞද්ගලික) සමාගම සාඩම්බර ජාත්‍යන්තර තත්ත්වයේ විවිධාකාර මැටි ආශ්‍රිත (ටෙරා කොටා) නිෂ්පාදන නිෂ්පාදකයෙකි. ඔවුන් වසර 50කට වැඩි ඉතිහාසයක් ඇති ශ්‍රී ලංකාවේ විශාලතම පවුල් ව්‍යාපාරයක් වන DSI සැම්සන් සමූහයේ කොටසක් ද වේ. ඔවුන් විසින් 100% ස්වාභාවික සහ පරිසර හිතකාමී මැටි භාවිතයෙන් නිෂ්පාදනය කරන ලද විවිධ හැඩවලින්, ප්‍රමාණවලින්, වර්ණවලින් සහ සංයුතීන්ගෙන් යුත් උසස් තත්ත්වයේ මැටි සෙවිලි උළු, වෝල්ටයිල්  සහ ෆ්ලෝටයිල් රාශියක් හඳුන්වා දී තිබේ.
ඔවුන්ගේ නිෂ්පාදන නිමවනු ලබන්නේ ගෝලීය වශයෙන් පිළිගත් ජපන් තාක්ෂණය භාවිතයෙන් වන අතර, එමඟින් ඔවුහු ජාත්‍යන්තර ප්‍රමිතීන් සපුරාලන බව සහතික කරති. මැටි සෙවිලි උළු සහ ටෙරා කොටා නිෂ්පාදනවලින් ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නිෂ්පාදකයා වීමට අමතරව සැම්සන් රජරට නිෂ්පාදන විදේශ වෙළෙඳපොළ තුළ හොඳ පිළිගැනීමක් ලබා ඇති අතර එහි නිෂ්පාදනවලින් 35%ක් පමණ යුරෝපයට අපනයනය කෙරේ.
ලංකා ටයිල්ස් යනු ශ්‍රී ලංකාවේ ෆ්ලෝටයිල්  සහ වෝල්ටයිල් නිෂ්පාදනය කරන ශ්‍රී ලංකාවේ විශාලතම නිෂ්පාදකයකු පමණක් නොව ලොව පුරා රටවල් 15කට අධික ප්‍රමාණයකට මෙම නිෂ්පාදන අපනයනය කරමින් විදේශ මුදල් ඉපැයීම් හරහා රටේ ආර්ථිකයට සැලැකිය යුතු දායකත්වයක් සපයන ආයතනයකි●

පුෂ්ප එපිටකඩුව
Previous articleසංඛපාල කඳුවැටිය වැනසීමට එරෙහිව ජනතාව පාරට බසිති
Next article“වසංගතයේ ආ ප්‍රේමිය” තුළින් සංජීව ගේන්නේ සාරගි හිදීමක විහිදීම කි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here