ප්‍රාදේශීය පුවත් සංඛපාල කඳුවැටිය වැනසීමට එරෙහිව ජනතාව පාරට බසිති March 6, 2022 83 ගල්බොක්කයාය කඳුවැටිය මත කැණීම් සිදු කර ඩොලමයිට් හා කැල්සියම් සිලිකේට් ඛනිජ පාෂාණ කැණීම සඳහා සමාගමකට අවසර ලබා දීමට එරෙහිව ‘සංඛපාල ගල්බොක්ක යාය කඳුවැටිය සුරැකීමේ ජනතා ව්‍යාපාරය’, ‘සොබාදහම් පාසල’ හා ගම්වාසීන් එක්ව සංවිධානය කළ විරෝධතාවක් පසුගිය දා පැවැත්විණි. ගල්බොක්කයාය රක්ෂිත කඳුවැටියේ අක්කර දෙසියපනහක කොටසක් පෞද්ගලික සමාගමකට පවරා දීමට කටයුතු කර ඇති අතර, මෙම කැණීම් සම්බන්ධයෙන් පරිසර අධ්‍යයන වාර්තාවක් පවා මෙතෙක් ලබාගන නොමැති බව හෙළිව ඇත. එහි කැණීම් සිදු කළහොත්, විශාල පරිසර හානියක් මෙන්ම කඳුවැටිය ආශ්රිත ගම්මානවල ජීවත් වන ජනතාවට ගැටලු රැසකට මුහුණ දීමට සිදු වෙන බව මෙම පරිසර හානියට විරෝධය පළ කරන ජනතාව හා පරිසර සංවිධාන පවසති● ආර්. ජයසේන – ඇඹිලිපිටිය.