එක රටක් – එක නීතියක් බලකායට තවත් මාස තුනක් !

8

‘එක රටක් – එක නීතියක්’ සඳහා වන ජනාධිපති කාර්ය සාධක බලකායේ නිල කාලය තවත් මාස තුනකින් දිර්ඝ කර තිබේ.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අති වි‍ශේෂ ගැසට් නිවේදනයක් මගින් මෙය සිදුකර ඇත. මෙම බලකායේ ප්‍රධානත්වය දරන්නේ ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් ය. නිකුත් කළ ගැසට් නිවේදනයට අනුව පෙබරවාරි මස 28 වනදා සිට තවත් මාස තුනක් දක්වා ‘එක රටක් එක නීතියක්’ සඳහා වන ජනාධිපති කාර්ය සාධක බලකායේ නිල කාලය දීර්ඝ වේ. අදාළ ගැසට් නිවේදනයේ දැක්වෙන්නේ දිවයිනේ සියලුම පළාත් ආවරණය වන පරිදි මහජන සහ විද්වත් මණ්ඩල අදහස් ලබාගැනීමට අවශ්‍ය වන බැවින් මෙසේ අදාළ කාලය දිර්ඝ කිරීම කළ බවයි.
‘එක රටක් එක නීතියක්’ සඳහා වන ජනාධිපති කාර්ය සාධක බලකායේ නිල කාලය පසුගිය 28 වැනිදා අවසන් විමට නියමිතව තිබිණි. අදාළ පත්කිරීම සම්බන්ධයෙන් ජගත් මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස් කාර්යාලය මගින් නිකුත් කළ විශේෂ වාර්තාවේ ද සඳහන් වේ.

Previous articleපාස්කු ප්‍රහාරයේ විමර්ශන උනන්දුවකින් කරන්නෙ නෑ – කාදිනල් හිමියන් එ.ජා. මානව හිමිකම් කොමසාරිස්ට කියයි !
Next articleපැන්ඩෝරා පත්‍රිකා විමර්ශන නවතී !

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here