රුපියල් ලක්ෂ හතරකට අධික වටිනාකමින් යුතු දුම්වැටි තොගයක් අත්අඩංගුවට

11

නීති විරෝධී ලෙස තීරු බදු නොගෙවා රුපියල් ලක්ෂ හතරකට අධික වටිනාකමින් යුතු දුම්වැටි තොගයක් සන්තකයේ තබාගෙන සිටි කාන්තාවක් විශේෂ කාර්ය බලකාය නිලධාරීන්ගේ අත්අඩංගුවට ගෙන තිබේ.
විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී නීතීඥ වරුණ ජයසුන්දරගේ නියෝග හා උපදෙස් මත විශේෂ කාර්ය බලකාය සංවිධානාත්මක අපරාධ මර්ධන ඒකකය II හි නිලධාරීන්ට ලද තොරතුරකට අනුව ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සී.ආර්. පාරමුල්ලගේ ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් අද පෙරවරුවේ සපුගස්කන්ද පොලිස් වසමේ අංක 134/D,4 වන පටුමග, මාකොල උතුර, ප්‍රදේශයේ දී වැටලීමක් සිදු කර ඇත.
එහි දී රජයේ රූපමය අවවාද නොමැති තීරු බදු මුදල් නොගෙවා මෙරටට නීති විරෝධීව ආනයනය කරන ලද රුපියල් ලක්ෂ හතරකට අධික වටිනාකමින් යුතු දුම්වැටි තොගයක් සන්තකයේ තබාගෙන සිටි ගෝනවල, කැළණිය ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 47 වන කාන්තාවක් අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා සපුගස්කන්ද පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.

Previous articleසුගතපාලද සිල්වා, බෝඩිංකාරයෝ සහ 60 විය පිරූ අපේ කට්ටිය
Next articleපැතුම් නිස්සංක විස්සයි – 20 පිතිකරුවන් අතර 09 ස්ථානයට

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here