‘ලිලිත් සහ ලිලී මල් මැද ස්ත්‍රීත්වය’ 2 කොටස ඉරිදා ‘ලංකා’ පුවත්පතෙන් කියවමු

32

Femme Fatale
සාහිත්‍යය සහ අනෙකුත් කලාවන් තුළ Femme fatale හෙවත් Fatal Woman නමින් හැඳින්වෙන කාන්තා චරිත බොහෝ විට සිදුකරන්නේ ඔවුන්ගේ ප්‍රේමවන්තයන් චාටුවෙන් ඉතා භයානක උගුලකට කැඳවාගෙන යාම ය. ඇය සාහිත්‍යය සහ කලාවේ මූලාකෘතියකි. වින්දිතයාව මන්තරයකින් වශීකර පොළඹවා ගැනීමට ඇයට ඇති හැකියාව මුල් යුගයේ කතාවල අද්භූත බලයක් ලෙස සැලකිණ. එහෙත් අදටත් බොහෝ විට මෙම Femme Fatal විස්තර කරන්නේ මායාකාරියක, වසඟ කරන්නියක සහ පුරුෂයන් කෙරෙහි බලයක් ඇති තැනැත්තියක ලෙසිනි. මෙම චරිත සාමාන්‍යයෙන් දුෂ්ට හෝ සදාචාරමය වශයෙන් නොපැහැදිලි වන අතර ගුප්තභාවයේ සහ නොසන්සුන්භාවයේ හැඟීමක් සමඟ සම්බන්ධ වේ.
මේ ඉරිදා ලංකා පුවත්පතෙන් කියවමු ‘ලිලිත් සහ ලිලී මල් මැද ස්ත්‍රීත්වය.’
වම්පස රූපය හින්දු මිත්‍යා කතන්දරවල එන Femme Fatale චරිතයක් වන, විෂ්ණුගේ එකම ස්ත්‍රී ආත්මය වන මෝහිනී දේවතාවගේ මූර්තියකි. ඇයට දෙවියන් මෙන්ම යක්ෂයන් ද වශී කිරීමට බලය තිබූ බව කියැවේ.
දකුණුපස රූපය ෆ්‍රාන්ස් වොන් ස්ටක් (Franz von Stuck) නැමැති ජර්මානු ජාතික චිත්‍ර ශිල්පියා විසින් අඳින ලද සලෝමි රාජ කුමාරියගේ රූපයකි. සලෝමි යනු තමන්ගේ ආදරය ප්‍රතික්ෂේප කළ නිසා ජෝන් ද බැෆ්ටිස්ට් ගේ හිස ඉල්ලා සිටි තැනැත්තතියයි. ජෝන් ද බැෆ්ටිස්ට් යනු යේසුස් වහන්සේට පූර්වයෙහි සිටි වක්තෘවරයෙකි. යේසුස් වහන්සේගේ පළමු අනුගාමිකයන් බවට පත්වූයේ මෙම ජෝන් ද බැෆ්ටිස්ට් ගේ අනුගාමිකයන් බව කියැවේ.
රශ්මික මණ්ඩාවල

Previous articleමහනුවර පැරණි සිනමා සංස්කෘතියේ අවසන් සිහිවටනය ” සුන්දර රීගල් සිනමාශාලාව”
Next article‘හැඟුම් මුහුළස ලිහුණි’ හි බස හෘදය සංවේදී බවින් පුරවන්නට ලක්මාලි හේවාවසම් සමත්ව සිටී

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here