මහජන සමූහාණ්ඩුවල ආරක්ෂාවට රුසියාවෙන් “සාම සාධක මෙහෙයුමක්”

37

රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් (Russian President Vladimir Putin) “ලෝකය ඉදිරියේ තේරීමක් තබා ඇති” බව අඟහරුවාදා (22) සාමාජිකයින් 15 දෙනෙකුගෙන් යුත් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයේ හදිසි රැස්වීමකදී එක්සත් ජනපද තානාපති ලින්ඩා තෝමස්-ග්‍රීන්ෆීල්ඩ් (the US ambassador to the United Nations, Linda Thomas-Greenfield) තර්ජනාත්මක ස්වරයෙන් පවසා ඇත.
තානාපති ලින්ඩාගේ මෙම තර්ජනයට හේතුවී ඇත්තේ රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් යුක්රේනයේ බිඳී ගිය කලාප දෙකක ස්වාධීනත්වය පිළිගැනීමේ නියෝගයකට අත්සන් කර ඇති බවද වාර්තාවීමෙන් පසුවය. මෙම කළාප දෙකවනුයේ ඩොනෙට්ස්ක් (Donetsk) හා ලුගාන්ස්ක් (Luhansk)ය. මේවා ජනපති පුටින් ඩොනෙට්ස්ක් මහජන සමූහාණ්ඩුව (Donetsk People’s Republic) සහ ලුගාන්ස්ක් මහජන සමූහාණ්ඩුව (Luhansk People’s Republic) ලෙස ස්වයං ප්‍රකාශිත රාජ්යයන් දෙකක් බව මොස්කව් නුවරදී අද තොරාගෙන එම නායකයන් දෙපල සමග ගිවිසුම් අත්සන් කරණ ලද බව ඒඑෆ්පී පුවත් සේවා වාර්තා පෙන්වා දෙයි.
තවද ස්වයං ප්‍රකාශිත ඩොනෙට්ස්ක් මහජන සමූහාණ්ඩුව සහ ලුගාන්ස්ක් මහජන සමූහාණ්ඩුවල ආරක්ෂාවට “සාම සාධක මෙහෙයුමක්” සඳහා භට පිරිස් යවන බවද රුසියානු ජනාධිපති ප්‍රකාශ කිරීමෙන් පැය කිහිපයකට පසුව මෙම රැස්වීම පවත්වා ඇති බව වාර්තාවේ. මෙහිදී තෝමස්-ග්‍රීන්ෆීල්ඩ් මහත්මිය පැවසුවේ යුක්රේනයේ බෙදුම්වාදී නැගෙනහිර ප්‍රදේශවල රුසියානු හමුදා සාම සාධක භටයන් වීම “විකාරයක්” බවත්, රුසියාව තව දුරටත් යුක්රේනය ආක්‍රමණය කළහොත්, විනාශකාරී ජීවිත හානියක්, සිතාගත නොහැකි දුක් වේදනා අපට පෙනෙනු ඇතැයිද, ඇය පැවසුවාය.
යුක්රේන ජනාධිපති වොලොදුමීර් සෙලෙන්ස්කි (Volodymyr Zelenskiy) රුසියාව සාම ප්‍රයත්නයන් විනාශ කරන බවට චෝදනා කර ඇත. තවද ඔහු ජාතිය අමතමින් කියා ඇත්තේ “කිසිවෙකුට කිසිවක් ලබා නොදෙන” බවයි. මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් “අපි ඉන්නේ අපේ භූමියේ, අපි කිසිම දේකට සහ කාටවත් බය නැහැ, අපි කාටවත් ණය නැහැ, අපි කාටවත් කිසිම දෙයක් දෙන්නේ නැහැ. අපට මෙය විශ්වාසයි, ”සෙලෙන්ස්කි මහතා පැවසුවේ, මෙම පියවර යුක්රේනයේ “ජාතික අඛණ්ඩතාව සහ ස්වෛරීභාවය” රුසියාව උල්ලංඝනය කිරීමක් බව පැවසීය.
සටහන: Ashoka Peiris – (CSNA)
ඡයාරූප: AFP & Internet

Previous articleපොඩ්ඩක් ඉන්න. මං කියන දේ අහන්න. ඔන්න ලෝකයට අළුත් රටවල් දෙකක්
Next articleතවදුරටත් තේරුම් නොගත යුතු වෙමු – ‘පැබ්ලෝ නෙරූඩා’

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here