ප්‍රාදේශීය පුවත් කහ ගොවියෝ කබලෙන් ළිපට ! February 20, 2022 15 වෙළෙඳපොළේ අමුකහ කිලෝවක මිල රුපියල් 140.00ත්, 150.00ත් දක්වා පහත වැටීම නිසා තමන් දැඩි අසරණ තත්ත්වයකට පත්ව සිටින බව අක්මීමන, හියාරේ සහ වඳුරඹ යන ප්‍රදේශවල කහ වගා කළ ගොවීහු පවසති. මේ දිනවල තම කහ අස්වැන්න නෙළීම ආරම්භ කර ඇති බව පවසන ගොවීන් පසුගිය වර්ෂයේ අමුකහ කිලෝවක් සඳහා රුපියල් 550.00ක මිලක් පැවැති බවත්, පසුව එම මිල පහත වැටීම නිසා තමන් වගාවට දැරූ වියදමවත් පියවා ගැනීමට නොහැකි තත්ත්වයකට පත්ව සිටින බව ද ඔවුහු පවසති. “මේ කන්නයේ කහ පඳුරු දහසක් පමණ වගා කළා. බීජ කහ කිලෝ 20ක් ගෙනැවිත් තමයි, කහ වගා කළේ. බීජ කහ කිලෝවක් රුපියල් 550.00කට තමයි මිල දී ගත්තේ. මෙවර කහ කිලෝ 1,200ක විතර අස්වැන්නක් ලබා ගත්තා. කහ කිලෝවක් අලෙවි කර ගැනීමට හැකි වුණේ රුපියල් 140.00කට හා 150.00ක මුදලකට. මඩවලට සහ මෝරලා මඳි කියලත් අඩු කරනවා. ගිය වර්ෂයේ අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මඟින් කහ බීජ ගෙනැවිත් අපිට ලබා දුන්නා. නමුත්, මේ කන්නයේ කහ වගා කරලා අපි අසරණ තත්ත්වයට පත්වෙලා ඉන්නේ. ගිය කන්නයේ කහ සඳහා හොඳ මිලක් පැවැති නිසා ගොඩක් අය කහ වගා කිරීමට පටන් ගත්තා. දැන් අපි අසරණ වෙලා” යනුවෙන් එම ගොවීහු පවසති● රවීන්ද්‍ර ලියනගේ – වඳුරඹ.