පූජිත – හේමසිරි නිදොස් කොට නිදහස්

31

2019 අප්‍රේල් 07 වෙනිදා සහ 21 වෙනිදා අතර කාල සීමාවේදී ජාතික තවුහිත් ජමාත් නම් වූ සංවිධානයේ නායක සහරාන් හෂීම් ඇතුළු සාමාජිකයන් පිරිසක් කොළඹ නගරයේ කිතුණු දේවස්ථාන සහ හෝටල් වෙත මරාගෙන මැරෙන ප්‍රහාරයක් එල්ල කරන බවට ප්‍රමාණවත් විශ්වාසී තොරතුරු තිබුණත් එය වළක්වා ගැනීමට පියවර නොගත්තේ යැයි හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර යන අය ඔවුන්ට එරෙහිව එල්ලකර ඇති චෝදනාවලින් නිදොස් කොට නිදහස් කරන ලෙස කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල අද (18) නියම කළේය.
මෙම ප්‍රහාරයෙන් පුද්ගලයන් 275කගේ මරණය සිදුකිරීම සහ තවත් 500කට ආසන්න දෙනෙකුට තුවාල සිදුකිරීම සම්බන්ධයෙන් නීතිපතිවරයා විසින් චෝදනා එල්ල කරමින් හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දරට එරෙහිව නඩු පවරා තිබිණි.
අධිචෝදනා 855 යටතේ නීතිපතිවරයා පවරා තිබූ මෙම නඩුවෙන් හේමසිරි ප්‍රනාන්දු නිදහස් කෙරුනේ විත්තියේ සාක්කි කැඳවීමකින් ද තොරවය.
නාමල් බලල්ලේ, ආදිත්‍ය පටබැඳිගේ හා මොහොමඩ් ඉර්සදීන් යන කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ඒකමතිකවයි මෙම තීන්දුව ප්‍රකාශ කළේ.
සිය තීන්දුව ප්‍රකාශ කළ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ පැවසුවේ තීරණ ගැනීම අතින් විත්තිකාර හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු අසරණ තත්වයක පසුවූ බව සාක්ෂි වලින් පෙනී යන බවයි. දීර්ඝ නඩු විභාගයකින් පසුව විත්තිකාර හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු නිදහස් කළේ විත්ති වාචික කැඳවීමකින් තොරව වීම විශේෂයකි.
දීර්ඝ නඩු විභාගයකින් අනතුරුවය නියෝගය ප්‍රකාශයට පත්කළ විනිසුරුවරු විත්ති වාචකය කැඳවීමකින් තොරව විත්තිකරු නිදොස් කොට නිදහස් කිරීමට නියෝග කළහ.
මෙම නඩුව ගොනුකිරීමට පෙර නීතිපතිවරයාට ඒ පිළිබඳව දෙවරක් සිතාබැලිය යුතුව තිබු බව විනිසුරු මොහොමඩ් ඉර්ෂඩීන් මහතා නියෝගය ප්‍රකාශයට පත්කරමින් පැවසීය.
.
සාක්ෂිකාර රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානීයා සිය වගකීම ඉටුකිරීම පැහැරහැර එහි වගකීම ජාතික බුද්ධි ප්‍රධානියා මත පැටවීමට ක්‍රියාකර ඇති බව පෙනී යන්නේ යැයි ද පටබැඳීගේ විනිසුරුවරයා පැවසීය.
ඔහු අත් අඩංගුවට ගැනීමට උපදෙස්දීම පවා ගැටලු සහගත බවත් විනිසුරු පටබැඳිගේ සඳහන් කළේය.

Previous articleදිවයිනේ ඇතැම් ප්‍රදේශවල ඉන්ධනහල්වල ඉන්ධන නොමැති බවට පුවරු ප්‍රදර්ශනය කර තිබේ
Next articleලංකා e-paper (2022.02.20)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here