මෙරටට ඉන්ධන ආනයනය කිරීම සඳහා ශ්‍රී ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට පමණක් නීත්‍යනුකූලව ලබා දී තිබෙන බලය නොතකා විදුලිබල මණ්ඩලයට ද එම අවස්ථාව ලබා දීමට මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් ක්‍රියාකර ඇත.
විදුලිබල මණ්ඩලයට ඉන්ධන ආනයනය කිරීම සඳහා විදේශ විනිමය ලබා දීමට ශ්‍රී ලංකා මහ බැංකුව එකඟතාව පළකිරීමත් සමඟ ඛනිජ තෙල් සංස්ථා පනත උල්ලංඝනය කිරීමක් සිදු වේ. එම පනත අනුව මෙරටට ඉන්ධන ආනයනය කිරීමේ අවසරය ලබා දී තිබෙන්නේ ඛනිජ තෙල් සංස්ථාවට පමණි. එහෙත් එසේ තිබියදී, එම පනත සංශෝධනය නොකර නොතකාහරිමින් විදේශයන්ගෙන් ඍජුවම තෙල් මිල දී ගැනීම සඳහා ලංකා විදුලිබල මණ්ඩලයට අවස්ථාව ලබා දී ඇත.
මහ බැංකු අධිපතිවරයාගේ මෙම අත්තනෝමතික ක්‍රියාමාර්ගය පිළිබඳව ආණ්ඩුවේ කිසිදු කැබිනට් ඇමැතිවරයෙකු මේ දක්වා විරෝධය පළ කර නැත. විදුලිබල සැපයුම අඛණ්ඩව පවත්වා ගැනීම සඳහා යැයි කියමින් මහ බැංකුව විසින් විදුලිබල මණ්ඩලයට විදේශ විනිමය ලබා දීමට ක්‍රියාකර තිබේ.