මාධ්‍යවේදී තරිඳු උඩුවරගෙදර ව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමේ දූෂණ විමර්ශන අංශයේ ස්ථානාධිපති ඒ.එච්.එම්.ජී. අබේසිංහ ඉදිරියේ ප්‍රකාශයක් ලබා දෙන්න කියා කැඳවීම් කර තිබේ.
ඒ පෙබරවාරි 18 වැනිදා උදෑසන 9ට කොළඹ 07, ජාවත්තේ කැප්පෙටිපොළ මාවතේ පිහිටි අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමය.
ඒ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ තිරුපති සංචාරයකට මිලියන ගණනක් වටින ගුවන් යානා සංචාරයක් තුරුපඬුරු විදියට පෞද්ගලික ජෙට් යානාවක් ලබාගැනීම පිලිබඳ කරන ලද පැමිණිල්ලට අදාලව විමර්ශන ආරම්භ කිරීමට විස්තරාත්මක ප්‍රකාශයක් සටහන් කර ගැනීම සඳහා බවද දන්වා තිබේ.
මාධ්‍යවේදී තරිඳු උඩුවරගෙදර විසින් 2021 දෙසැම්බර් 31 වැනිදා කරන ලද ඔන්ලයින් පැමිණිල්ලකට අදාලව මෙම උක්ත ප්‍රකාශය ලබා ගැනීමට බවද වාර්තාවේ.
පැමිණිල්ල සනාථ කිරීම සඳහා ලේඛන තියෙනවා නම් රැගෙන එන ලෙස දැනුම් දී තිබේ.
Home දේශීය පුවත් මහින්ද තිරුපති යන්න ජෙට් යානාවක් ලබාගැනීම ගැන කළ පැමිණිල්ලට මාධ්‍යවේදී තරිඳු කැඳවයි