මෙරට පවතින අත්‍යවශ්‍ය භාණ්ඩ හිඟය තාවකාලික, පොඩි ප්‍රශ්නයක් පමණක් බව මුදල් ඇමති බැසිල් රාජපක්ෂ පවසා තිබේ.
පසුගිය සිකුරාදා පැවති අත්‍යවශ්‍ය සේවා පිළිබඳ ජනාධිපති කාර්යසාධක බලකා රැස්වීමේදී ඇමතිවරයා මේ බව සඳහන් කර ඇත. බැසිල් රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම රැස්වීමට වරාය ඇමති රෝහිත අබේගුණවර්ධන, ජනාධිපති ලේකම් ගාමිණී සෙනරත්, භාණ්ඩාගාර ලේකම් එස්.ආර්.ආටිගල ඇතුළු නිලධාරීන් පිරිසක් සහභාගි වී ඇත.
කිරිපිටි, සිමෙන්ති ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ රැසක බරපතළ හිඟයක් මේ වන විට රට පුරා පවතින අතර, මේ හිඟය නිසා අදාළ භාණ්ඩ ඉහළ මිල ගණන්වලට අලෙවි කිරීමට ව්‍යාපාරිකයන් පෙළඹී තිබේ.