පරිවර්තනීය ඉදිරි සැලසුම් සමඟින්, බවර් සහ සමාගම වසර 125ක ප්‍රගතිය සමරයි

31
ඇල්ෆ්ර්ඩ් බවර් විසින් 1897 වසරේදී කුඩා පරිමාණ පොහොර කර්මාන්තශාලාවක් ලෙස ආරම්භ කරන ලද බවර් සහ සමාගම මෙම වසරේදී සිය වසර 125ක ප්‍රගතිය සමරනු ලබයි.

මේ වන විට බවර් සහ සමාගම කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ පමණක් නොව සෞඛ්‍ය සේවා, පාරිභෝගික භාණ්ඩ, ගුවන් සේවා, යන්ත්‍රෝපකරණ සහ හෝටල් පුහුණු පාසල් යන විවිධ අංශයන්හි විහිදී ගිය අතුපතර ඇති සුවිසල් ව්‍යාපාරික වෘක්ෂයක් බවට පත්ව සිටී.
ආරම්භයේ සිටම පොහොර නිෂ්පාදනයේ පුරෝගාමියා වෙමින්, 1901 දී තම නිෂ්පාදන පරිශ්‍රය දුම්රිය මාර්ග පද්ධතියට සම්බන්ධ කළ රටේ ප්‍රථම පෞද්ගලික ආයතනය වීම, 1919 දී කෘෂිකර්මාන්තයේ භාවිතය සඳහා පළමු ට්‍රැක්ටරය ලංකාවට ගෙන්වීම, 1936 දී ප්‍රථම වරට පූර්ණ විදුලි බලය භාවිතයෙන් ක්‍රියාත්මක වන තේ කර්මාන්තශාලාව පිහිටුවීම, 1946 දී ශ්‍රී ලංකාවේ මැලේරියා වසංගතය මර්දනය කිරීමට අවශ්‍ය ඖෂධ ගෙන්වීම, ස්විස් එයාර් සමාගම ශ්‍රී ලංකාවට හඳුන්වාදීම, 1975 දී ප්‍රථම වරට දේශීය බාස්මතී සහල් නිෂ්පාදනය කිරීම, සේනා දළඹුවා පාලනය කිරීම සඳහා 2020 දී පළමු ජෛව පළිබෝධනාශක ලියාපදිංචි කිරීම සහ පසුගිය වසරේ ලොව ප්‍රථම සහ අංක එකේ සත්කාරක කළමනාකරණ පාසල වන Ecole hôtelière de Lausanne සමඟ එක්ව ආගන්තුක සත්කාර අංශයේ පළමු ස්විස් ආධුනිකත්ව පාසල් ආකෘතිය එළිදැක්වීම යනාදී සුවිශේෂී මඟ සලකුණු සටහන් කරමින් බවර් සහ සමාගම සිය 125 වසරක අභිමානවත් ගමන් මඟ සමරනු ලබයි●

පුෂ්ප එපිටකඩුව
Previous articleදහං ගැට
Next articleඅක්කර විසිදහසක වී අස්වැන්න සියයට 70කින් පහළ බසී

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here